‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වයට හිටපු නායක රිකි පොන්ටිං නැවතත් පත්කිරීම පිළිබඳව ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ප‍්‍රබල නායකයකු වන ස්ටීව් වෝ ප‍්‍රශ්න කරයි. ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක් පාදයේ ආබාධයකට ලක්වීමෙන් හෙට තරගයට සහභාගි නොවේ. රිකි පොන්ටිං පසුගිය වසරේ (2011) ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් විය. ස්ටීව් වෝ පවසන්නේ පොන්ටිං නැවතත් නායකත්වයට පත්කිරීමෙන් ඕස්ටේ‍්‍රලියානු පිලේ උප නායකත්වය නොසළකා හැර ඇති බවයි. ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස 25 හැවිරිදි ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් කටයුතු කරන අතර ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානී ජොන් ඉන්වැරිටි පවසන්නේ 25 හැවිරිදි වෝනර් මෙවැනි තරගයක පීඩනයකට ලක්කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. එහෙත් දැනට විවේක ගෙන සිටින ටෙස්ට් පිලේ උප නායක බ‍්‍රැඞ් හැඩින් පිළිබඳව හෙතෙම කිසිවක් සඳහන් නොකළේය. -පොන්ටිං අස් වහගෙන වුණත් නායකත්වයේ කටයුතු කරයි, නමුත් ආනාගතය වෝනර්. මම විශ්මයට පත්වුණා වෝනර් පත් නොකිරීම පිළිබඳව” යයි හිටපු නායක ස්ටීව් වෝ පැවසීය. -ඔහු උප නායකයා නම් නායකයා ලෙස කටයුතු කරන්න බැරි වෙන්න බැහැනේ. තේරීම් කමිටුව හිතන්න ඇති වෝනර් නායකත්වයට සූදානම් නෑ කියලා” -එසේ නම් ඔහුව උප නායකත්වයට පත් කළේ ඇයි? මට ඒ පිළිබඳව හිතාගන්න බෑ” යැයිද ස්ටීව් වෝ පැවසීය. වසර 2010 අවසානයේදී පැවැති අළු බඳුන තරගාවලිය පරාජය වීමෙන් පසුව ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩාවේ සමාලෝචන වාර්තාව පිළියෙළ කිරීමේදී ස්ටීව් වෝ විශාල කාර්යභාරයක් කළේය. එම වාර්තාවෙන් කියැවුණේ නායකයා සෑම අවස්ථාවකදීම උප නායකයාගේ අදහස් විමසා බලා කටයුතු කළ යුතු බවයි. ස්ටීව් වෝ වැඩි දුරටත් ප‍්‍රශ්න කරන්නේ ටෙස්ට් පිලේ උප නායකයා වන කඩුලූ රකින ක‍්‍රීඩක බ‍්‍රැඞ් හැඩින් විවේක ගන්වා සිටින්නේ නම් මේ අවස්ථාවේදී ඔහු නායකයා ලෙස කැඳවීම සාධාරණ බවයි. -ඔහුව බලෙන් විවේක ගන්වා ඇත්ද කියා මට හිතෙනවා. ඒ පිළිබ`දව කවුරුන් හෝ පැහැදිලි කිරීමක් කළ යුතුයි’’ යැයි ස්ටීව් වෝ වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප‍්‍රශ්න කරයි