පාකිස්තානයේදී පැවැත්වෙන ‘පන්ජාබ්’ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල හෙට (6) පාකිස්තානය බලා පිටත්ව යයි. තරගාවලිය අනිද්දා (7) සිට මෙම 15 වැනිදා දක්වා ලාහෝර් නුවරදී පැවැත්වේ. ක‍්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ශාලිත මධුෂංක පෙරේරා කටයුතු කරයි. තරගාවලියට ශ්‍රී ලංකාව, ඉරානය, නේපාලය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ සත්කාරක පාකිස්තානය යන රටවල් සහභාගිවේ. පසුගිය වසරේදී පාකිස්තානයේ පැවැති පළමු දකුණු ආසියානු බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාව දිනාගත් අතර පාකිස්තානය ශූරතාව හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම: ශාලිත මධුෂංක පෙරේරා (නායක), ඉරේෂ් කෝසල (උප නායක), නවීන් අනුරාධ, නිලංක කරුණාරත්න, සමීර සම්පත් රත්නායක, සඳරුවන් ප‍්‍රනාන්දු, සුපුන් චින්තක, ලසන්ත සංජීව, රුක්‍ෂාන් රණවීර, ක‍්‍රිෂ්ණා හපුආරච්චි, ජීවක චාමර පීරිස්, නිරෝෂාන් සුසිත්, ප‍්‍රියනාත් මධුරංග, එස්. දීෂාන්, ප‍්‍රභාත් ජයසිරි, ඩිලාන් සමීර, දමිත් නදීර සහ තිසර දම්පිය නිලධාරීහු: හිෂාන් පේ‍්‍රමරත්න (කණ්ඩායම් ප‍්‍රධානී), දිනේෂ් කුමාර පෙරේරා (කළමනාකරු), පුබුදු සඳරුවන් කොඩිකාර (නිලධාරී), අමිල බන්දු පතිරාජ (ප‍්‍රධාන පුහුණුකරු), මලිඳු හේවගේ (පුහුණුකරු) සහ ප‍්‍රියනාත පීරිස් (විනිසුරු)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd