
(රෝෂන් තුෂාර)
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 25 දින රක්ෂිත බන්ධනාගාර ගත කළ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සැකකරු දැඩි රැකවල් යොදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු හෙයින් සූම් තාක්ෂණය ඔස්සේ පැමිණිලි විභාගයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කොට ඇත.
බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති සැකකරුට ජීවිත තර්ජන ඇති බැවින් පැමිණිලි විභාග අවස්ථාවේදී සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නිකුත් කර තිබූ නියෝගයක් පරිදි සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම අද සිදුකෙරිණි.
සැකකරු දැඩි රැකවල් යෙදිය යුතු බැවින් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පරිදි සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලෙසට නියෝගය නිකුත් කොට තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා ත්රස්තවාදයේ වැළැක්වීමේ පනතට අදාළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
අනිකුත් විමර්ශන සම්බන්ධයෙන් අදාළ අධිකරණ වලට කරුණු ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය.
ත්රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්රශ්න කරන සැකකරු ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාල විමර්ශනයේ 18 වන සැකකරු ලෙස නම් කර ඇති අතර එම පැමිණිල්ල හෙට (04) දිනයේදී අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd