පුත්තලම නගර සභාවේ බදු එකතු කරන්නකුට සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන්නැයි නගර සභා සේවකයෝ පුත්තලම නගරයේ අද (2) සවස උද්ඝෝෂණයක් ඇරඹූහ.
නගරසභා වාහන ද ගෙනවුත් ඔවුහු රෑ බෝ වීමෙන් පසුව ද උද්ඝෝෂණය කළහ. පහර දුන්නැයි කියන මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම උද්ඝෝෂණය ඇරැඹූහ.
පහර දුන්නැයි කියන මන්ත්‍රී එච්. යූ කබ්රි මහතා පවසනුයේ පොලිසිය ද සමග තමා සති පොළේ සංචාරය කළ බවයි. පහර දුන්නැයි කියන කථාව ඔහු ප්‍රතික්ෂේප කරයි. මෙතෙක් ඉරිදා පැවැති සති පොළ අද සිට සෙනසුරාදා පැවැත්වීම ගැන මහජන අදහස් විමසීමට එහි ගිය බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති පොළවල් කියන නමට දැන් මිනිස්සු කැමති නැහැ. දැන් ඒක ආර්ථික මධ්‍යස්ථාන ලෙස නවීකරණය කරගෙනයි තියෙන්නේ. (නි)
වැඩ ඉවර කරලා නිවාඩු පාඩුවේ කරපු උද්ගෝෂණයක් ද කොහෙද (දී)
අනේ.... ඇත්තටමද (දී)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
කාට පේන්නද (දී)
බොදු බල සේනාව ඕනෑ එකටයි එපා එකටයි හැම එකකටම ඇගිලි ගහන්න යන්නෙ නැහැ. ඕනෑ තැනදී වැඩේ තිතට දෙයි. (නි)
රිලවාන්, ඒ අය හැම කැත වැඩකටම ගාවගන්න එපා. එයාලා රටට උදාර මෙහෙවරක් කරන්න බලන්නේ. එයාලා කරන්නෙ සිංහල අපිට අගනා සේවයක්. (නි)
බොදු බල සේනාව කියන්නේ බුද්ධාගමට නිගරු වීම වළක්වාගන්න බිහි වුණු සංවිධානයක්. (නි)
අන්න හොද මිනිස්සු (දී)
සරසි, ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ම කරන්නේ නිගරුවක්ම තමයි. (නි)
තමන්ගේ කාර්යය නියමිත වෙලාවට කළා නම් මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
රිලවාන්, කරුණාකර ගරුකටයුතු සංවිධානයකට අපහාස නොකර ඉන්න. ඔබ වැනි නරුමයන් ඉන්න වර්තමාන සමාජයට එවැනි සංවිධානයක් අත්‍යවශ්‍යයි. අතීතයේ අනගාරික ධර්මපාලතුමා කළ සේවය ඔවුන් මෙදා කරාවි. (නි)