විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විභාගයට ලියූ හැම ළමයකුටම මෙම ලකුණු දෙන බව ද අධ්‍යාපන ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක් (ස)
එතකොට කලින් පිටවුණා කියලා රාවයක් තියෙන ගණිතය, බුද්ධාගම, ඉතිහාසය ප්‍රශ්න පත්‍ර වලට මොකද කරන්නේ? (නි)
අපි ගමන් කරමින් සිටින්නේ ඉතියෝපියාව, සෝමාලියාව... වැනි දියුණු රටවල් දෙසටයි. (නි)
මෙවන් විශාල වූ ළකුණු ගණනක් මෙලෙස ලබාදීම ඔවුන්ගේ දක්ෂතාවය අවතක්සේරුවට පත්කිරිමක් නොවේද? (නි)
ළමයින්ට සාධාරණයක් ඉටු කරන්න. නැවත විභාගය පවත්වන්න (ස)
ඇමතිතුමා ටියුෂන් ගුරුවරයා ආරක්ෂා කරන්නද හදන්නේ? අසාධාරණ වැඩ කරන්න එපා. (ත)
එයා ප්‍රශ්න 19ක් දුන්නා. මෙයා ළකුණූ 19ක් දෙන්න හදනවා... (නි)
ඒ ප්‍රශ්න 19ට ළකුණු 1/2 ගාණේ දීලා ඉතිරි 21ට ළකුණු 1 1/2 ගාණේ දුන්නා නම් හොද නැද්ද? (නි)
මේක මහදැනමුත්තාගේ විසදුම වගෙයිනේ. (ත)
මේක විභාගයක්. එතකොට අනෙක් ප්‍රශ්න වලට ළකුණු දෙන්නෙ කොහොමද? (නි)
එතකොට ගංවතුරින් විභාගය ලියන්න බැරි වුණ ළමයින්ට විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ළකුණූ දෙන්නෙ කොහොමද? (නි)
ප්‍රශ්නපතත්‍රය හොරකම් කරලා ලියපු එක්කෙනාටත් ලකුණු. මහන්සිවෙලා ලියපු එක්කෙනාටත් ලකුණු. අලුතින් විභාගෙ තියන්න තමයි සල්ලි නැත්තේ. අනිත් දේවල්වලට සල්ලි තියනවා. (ත)
ළමයි කොච්චර මහන්සිවෙලා විභාගය ලිවුවත්, ඉන් සමත් වුණත් රැකියා නම් ලැබෙන්නෙ නැහැ. (නි)
අනේ ඇත්තට 2500න් කාලා මැරුණම් මේවා අහටනට වැඩියෙ හොදයි. (ත)
සියලුම ප්‍රශ්න පත්‍රවල සියලුම ප්‍රශ්න කලින් පිටවුනොත් හැමදෙනාටම 100% ලකුණු දෙනවද? මම නම් හිතන්නේ තවත් නඩුවක් ළඟදීම වැටෙයි වගේ. (ත)
මෙවර විද්‍යා ප්‍රශ්නපතුය සියළුම සිසුන් සමත්වෙයි. එයිට වඩා දෙයක් වෙන්නෙ නෑ. කොහොම හරි..ඉදිරියටත් මෙතුමා අධ්‍යාපන ඇමති කරමු.
ඇයි කවුරුවත් ඔය පේපර් එක හැදුව කෙනා ගැන කතා කරන්නෙ නැත්තෙ? එයා තමයි ලොකුම වරද කළේ. හිරේ දාන්න ඕනෑ එයාව නෙමෙයිද? (නි)
ඇමතිතුමාගේ තීරණය සාධාරණයි. (නි)
අපරාදේ. මමත් දන්නවා නම් ආයෙත් විභාගය කරලා බලනවා. (නි)
අපරාදේ. මුලු ප්‍රශ්න පත්‍රයම පිටවුණා නම් කොච්චර ෂෝක්ද? (නි)
මම මෙච්චර කලක් හිතාගෙන හිටියෙ මමයි මෝඩයා කියලා. දැන් බැලින්නම් ණැනවත්තු කියලා මම හිතාගෙන හිටපු දැණමුත්තො ඔක්කොම එහෙම නෙමෙයිනේ. (නි)
අපේ ඇමතිතුමා ආර්ථික විද්‍යාව පැත්තෙනුත් හිතලා වෙන්න ඇති මේ තීරණය ගන්න ඇත්තේ. (නි)
එකකොට ලියපු හැමෝම දෙනා සමත් වෙන්නේ නැද්ද (අ)
මින් ඉදිරියටත් මෙහෙම දේවල් කරන්න පුලුවන් නම් හැමෝටම සමත් වෙන්න පුලුවන්. (නි)
අනේ මන්දා, මේවා කොහොමද මන්දා මෙහෙම විසදන්නේ? (නි)
ඒක හොඳ යෝජනාවක් (නි)
ප්‍රශ්න පත්‍රය හදපු කෙනා පිටම වරද පටවන එක වැරදියි. (නි)
ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක්? (නි)
අමිල කියන්න බලන්න දක්ෂ ළමයාට අසාධාරණයක් වෙන්නෙ කොහොමද කියලා..!(නු)
විද්‍යා අධ්‍යාපනයේ ජාතික මට්ටම තීරණය කිරීම උසස් පෙළ හා වෙනත් වෘත්තීය පාඨමාලා සදහා ඇතුළත් වීම වැනි සිසුන්ට වැදගත් වන අවස්ථාවන්ට මේ ප්‍රතිඵලය යොදාගන්නේ කෙසේද? (නි)
අපේරටේ නිදහස් අධ්‍යාපනය තිබේ නම් ඇයි මේ උපකාරක පන්ති? උදේට රජයේ වැටුප් ලබන ගුරුවරයා එම ළමුන්ටම හවසට මුදල් අයකර වඩා හොඳට උගන්වනවා. මේකද අපේ 2500 ක් පැරණි මහලොකු සංස්කෘතිය? නිදහස් අධ්‍යපනයෙන් බිහිවෙච්ච අයම ඒක විනාශ කරනවා. ඇයි මෙච්චර මුදල හොයන්නේ? කවුරුත් ජීවත් වෙන්නේ සාමාන්‍ය ආයු කාලයක් විතරයි. නම රැක ගැනීම නොවේද වැදගත්,මොනව වුණත් අපේ සේරම ආයතන ටිකෙන් ටික විනාශවෙලා යනවා, මේ මුදල් පසුපස යන සමාජය නිසා. දැන්වත් මේ අසීමිත ටියුෂන් කඩවලට සීමාවන් දාන්න නැත්නම් ඉදිරි විභාගවත් තියාගන්න බැරිවෙයි. (නි)
මුතු මම ඔබගේ අදහස අගය කරමි (ස)
අනේ ඇමතිතුමා, මනුස්ස ජීවිත වලට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න නම් මෙතෙක් විභාගය ලියපු අයටයි මතුවට ලියන අයටයි සියලු දෙනාටම ළකුණු 19 ගානෙ දෙන්න වෙයි. (නි)
ප්‍රශ්න 19 ට ලකුණු දීම අනුවණ වැඩක්. කරන්න තියෙන්නේ නැවත විභාගය තියලා, ඒ වැයවෙන මුදල් සියල්ල පිටකිරීමට සම්බන්ධ අයට ජිවිත කාලය පුරාම ගෙවන්න සැළැස්වීමයි. එතකොට මීට පස්සෙවත් ප්‍රශ්න පත්තර ළඟට ඇවිත් නිකන් දුන්නත් කවුරුත් ගන්න එකක් නැහැ. (නි)
අපිට ඔබතුමාගේ කාලෙ විභාගෙ ලියන්න බැරිඋනානේ ඇමතිතුමෝ..!(නු)
පැලැස්තර අලවන්නෙ නැතිව තුවාලට බෙහෙත් දීලාක තුවාලය සනීප කරන්න ඕන නේද? උත්තරය ලකුණු 19? මෙයාලාගේ මොලේ ඉස්සරලාම හෝදලා ඉන්න ඕන..!(නු)
අනේ ඔබතුමාම මං විභාග ලියන කාලෙටත් අධ්‍යාපන ඇමතිම වේවා.. මට පාඩම් කරන්න ඕනෙත් නැහැ..!(නු)
මේකද පිළිතුර..?
දියහැකි ලේසිම විසදුම තමයි මේක... දක්ෂ ළමයාට මේක අසාධාරණයක්..!(නු)
මෙම තීරණය නම් හරිම කුහක තීරණයක්. තත්වය මෙහෙම නම් මින් ඉදිරියටත් පැවැත්වෙන විභාගවලදී පිටවෙන සෑම ප්‍රශ්නවලටත් සැමටම මෙසේ ලකුණු ලබාදෙමින් විභාගය බාල්දු කරන්නද අදහස? එහෙම නම් අපේ සිසුන්ට විභාගයක් අවශ්‍යද? (නි)
මම විභාගෙ ලියන කාලෙත් ඔබතුමා හිටියානම් කොපමණ හොදද?(නු)
මේකද මේ ගැටළුව විසදීමට ඇති පහසුම ක්‍රමය..? මේක පළමු අවස්ථාව නෙමෙයි.. මේ අවසාන අවස්ථාව විය යුතුයි.!(නු)
මට පාඩම් නොකර විභාගෙ පාස් වෙන්න ඔබතුමා මං විභාගෙ කරන කාළෙත් අපේ අධ්‍යාපන ඇමති වේවා. - හතවසරේ සිසුවෙක් (ත)
අනේ ඔබතුමා දිගටම අධ්‍යාපන ඇමති වී සිටීවා! (නි)
මෙම ප්‍රශ්න පත්‍රය පමණක්වත් නැවත පවත්වන්න (ස)
ඒක හොඳ දෙයක්...වැදගත්ම දේ මෙවැනි දේ නැවත නොවෙන්න ඉඩ සැලැස්වීමයි (ස)
මොන විදියේ යෝජනාවක්ද මේ? ප්‍රශ්න හතළිහෙන් දහ නවයක්? (නි)
එතකොට අදක්ෂ ළමයින්ටත් ඔය ප්‍රශ්න වලට ළකුණු ලැබෙනවානේ. ඒක දක්ෂයින්ට කරන අසාධාරණයක් නෙමෙයිද? (නි)
දෙයියෝ සාක්කි! (නි)
මගේ පුතා මේ සැරේ සාමාන්‍යපෙල කළා. ඔය ප්‍රශ්ණ 19න් 17 කට හරියට කතිරය ගහලා තිබුණා. එයාට ලැබෙන්නේ වැඩිපුර 2 යි. ඒක මොකටද ? මෙතන විභාග දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය බිඳවැටීමක් සිදුවී තිබෙනවා. වහාම රජය මේකට පිළියමක් දියයුතුයි (නි)
මේ වගේ වැරදි කරන අයට දඩුවම් කරන්නෙ නැද්ද? ඒ මොකක් හරි බලපෑමක් තියෙන නිසාද? (නු)
ඇමතිතුමා ලකුණු 19ම දාගෙන ලු..?(නු)
ටියුෂන් ගුරුන් ගේ අල්ලේ නටන හොරු නුදුටුව අපේ ගරු මැතිදුන් සිටින තුරු ඊළග පරපුරේ ඔලු ටික හදනු බොරු අනේ වාසනාවන් ලක් මවුනි ගරු... (නි)
අධ්‍යාපනයට දෙවි පිහිටයි! මේවා ජාතික විභාග නේද? ලෝක විනාශය සිද්ධ වුණා නම් මීට වැඩිය හොදයි. (නි)
නියමයිනේ.. එකඅතකින් අපි ගොඩක් පව් කරලා තියෙනවා.. මොකද අපි ඉන්න කාලේ මේ වගේ අධ්‍යාපන ඇමතිකෙනෙක් හිටියෙ නැහැනේ.. ඒ කියන්නේ මේ පාර විද්‍යාව අසමත් අය නැහැ... (නු)