සීගිරියෙන් සෞදි අරාබියේ රැකියාවට ගෙස් එහිදී මරුමුවට පත් වූ කාන්තාවගේ මිනී පෙට්ටිය සීගිරිය ගලකොටුව පාරේ මැද තබා ගැමියෝ විරෝධය පෑහ. සෞදියේදී අය වද හිංසා කර මරා දමන්නට ඇතැයි නෑයෝ සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච මනුස්සයට පන එයිද දන්නේ නැහැ (දී)
ඒ රටත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ (දී)
ඇයි කාන්තාවන් රට යවන්නේ..... ඒ කාන්තාවන්ගේ පිරිමි නැද්ද. ඒ මිනිස්සු ලජ්ජා වෙන්න ඕනේ (දී)
ඔබට නිවන් සුව (දී)
ඔය මොකුත් කලාට වැඩක් නැහැ. ඔබට නිවන් සුව (දී)
මැරුණට පස්සේ ඔය මොකුත් කලාට වැඩක් නැහැ (දී)
අපේ සටනට ජය වේවා (දී)
මේ පොලිසියට තියෙන්නේ ඔය අතේ තියන පොල්ල විතරයි. අන්තිමට..!(නු)
ඔය ෙපාලු අරෙගන අහිංසකයන්ට වැඩ දානවට වැඩිය එයාලාට සෙතක් වෙන දෙයක් ගැන හිතුවොත් නරකද?(නු)
කීදෙනෙක් නම් මැරුණද රට ගිහිල්ල (දී)
ෂරියා නීතිය හැටියට දෑවැද්ද දීලා මනාලිව කසාද බදිනවා නම් බිරිය රට යවන එකක් නැහැ. තමන් දන්න මොනම රස්සාවක් කරලා හරි බාර් වලට සල්ලි පූජා කරන්නැතිව ගෑණියෙක් ගන්න ඕනෑ. මිනිහෙක් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඹ්නෑ. (නි)
බල්ලෙක් පාරේ කැත කළත් අද මිනිස්සුන්ට පළි ආණ්ඩුව. (නි)
මරණයට හේතුව මොකද්ද (දී)
අපේ රටේ නීතියක් නැහැ. ඒකයි ඔය වගේ වැඩ කරන්නේ (දී)
තව එක්කෙනෙක් හරි මැරෙන එක නතර වෙනවා ඔහොම කලාම (දී)
මොනවද කරන වැඩ........ තේරුමක් නැති වැඩ (දී)
හරි හමන් නීතියක් නැති එකනේ (දී)
ජීවිත පරදුවට තියල දිවි ගෙවන මිනිස්සු (දී)
නිවන්සුව ඔබට (ස)
කාන්තාවන් විදේශ ගතවීම නැවැත්විය යුතයි .කාන්තාවන් රට යෑමෙන් ලාබයක් නැහැ . පවුල් ඒකකය පරිහානියට පත් වෙනවා පමණි. (ස)
මින් පසු කිසිම කෙනෙක් රට රැකියාවකට යන්න එපා (දී)
මේවා අපි පුරුදු කර ගත්තු සමාජ වැරදි නිසා වූ දේවල් (දී)
කනගාටු දායක පුවතක් (දී)
මිනිස්සු කියන කතාව හරි (දී)
ලංකාවේ මිනිස්සු ජීවිතය පරදුවට තියලා රට යනවා (දී)
අසරණ ළමයි (දී)
ඉදිරි වැඩ කටයුතු මොනවා වේවිද කියලා බලමු (ස)
මිනිස්සුන්ගේ ආවේගය තමයි ඔය දාන්නේ (දී)
ලෝකයේ සවුත්තුම රට සෞදි අරාබිය (ස)
මිනියටත් අවනම්බු කරනවද (දී)
වැරදි කියන්නත් බැහැ... කියන්නත් බැහැ (දී)
ඒ මිනිස්සුන්ට ඒක සක ඇති (දී)
ඇයි මේ අපේ පොලිස් නිළධාරින් පොලු අතේ තියාගෙන..!(නු)
දිලාන් පෙරේරා ඇමතිතුමනි මේ සාපරාධී අපරාධය ගැන වගකීමෙන් ඔබතුමා කටුයුතු කරයි කියා අප සිතමු..!(නු)
මහින්ද චින්තනය ඉදිරි දැක්ම... හඳ ගමන (නු)
සෞදි අරාබිය කියන්නේ සුරංගනා ලෝකයක් නෙමෙයි. ගියානම් අවධානම භාර ගන්න ඕනි. රජයට බැනලා වැඩක් නෑ (ස)
පෙරදිග ධාන්‍යා ගාරය වෙලා තිබුණ අපේ රට දැන් යැපෙන්නේ ගෑනු පිටරට යවලා. මේවට ආර්ථිකය වගේම හැමදේම විවෘත කරලා දුන්න හැමෝම වග කිය යුතුයි. (නි)
දැන් අවමගුලටත් පොලීසිය එන්නේ පොලු අරන්ද? (ස)
මේවා අපේ වැරදි තමයි, අපේ සමාජයයි වග කියන්න ඕනේ (දී)
ජනපති තුමනි, ඩිලාන් පෙරේරා මැතිතුමනි. මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යවන එක නවත්වා පුහුණු ශ්‍රමිකයන් පමණක් යවන්න. (නි)
මේවා අපේ වැරදි (දී)
ඔබට නිවන් සුව අත්වේවා (දී)
මමනම් කිසිම කෙනෙක් රට රැකියා වලට යන්න එපා (දී)
දයා සෞදි, මේ අහන්න. ඩිලාන් පෙරේරා ඇමතිතුමා වගකීමෙන් කටයුතු කරයි. (නි)
ආසියාවේ ආශ්චර්‍ය්‍ය .(ස)
අප රටට වැඩිම විදේශ විනිමය ලබා දෙන අපේ විදෙස් ගත කාන්තාවන් ගැන මෙයට වඩා සොයා බැලිය යුතුයි. (නි)
මේ මිනිස්සුන්ගේ මිනිස්සු කොහෙද ඉන්නේ, තමන්ගේ කාන්තාව රට යවන්න එපා (දී)
සම්පූර්ණයෙන්ම සෞදියට කාන්තාවන් යවන එක නැවැත්විය යුතුයි.. මේ ප්‍රශ්ණ අද ඊයෙ පටන් ගත්ත ඒවා නෙමෙයිනේ.. තානාපති කාර්යාල උනත් මේ ගැන හොදට සිතා බැලිය යුතුයි..!(නු)
කාන්තාවො ටික රට නොයවා දුප්පත් දේශපාලන මණ්ඩලේ නඩත්තු කරන්නෙ කොහොමද ? තව තවත් කාන්තාවන් රට යවා අභ්‍යවකාශ මධ්‍යස්ථානයකුත් හදමු. (නි)
අර සෞදි යන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කථාකරන කෙනා ආවේ නැද්ද? මේ අහිංසක මිනිසුන් අනුන්ට බැලමෙහෙවරකම් කරන්න රට යන්නෙ නැතිබැරිකම හින්දා මිසක් සැපවිදින්න නොවෙයි. එහෙම මිනිසුන්ට අමානුෂික විදියට සළකන පාපතරයන්ට මේ කරන අපරාධ වලට විදවන්න වෙනවාමයි. ඇති හැකි මිනිසුනේ, මෙම අසරණ දරු පවුලට උපකාරයක් කරපල්ලා. (නි)
අනේ අපේ අම්මාවරුනේ, දරුවන්ට ආදරේ නම් මේ වගේ දරුවන් දාලා මැදපෙරදිග රට රැකියාවලට යන්න එපා.එක වේලක් කාලා හරි අම්මා ළග ඉන්න එක මේ දරුවන්ට සැපයි, රජ මාලිගා නැතුවට. මේ වගේ දරුවන් ඉන්න අම්මලා යවන්නත් එපා. අනේ කරුණාකරලා ඇති හැකි අය මේ දරුවා වෙනුවෙන් හැකි විදියට උදව් කරන්න. (නි)
මේක මිනීමැරුමක් වෙන්න බැරිද (දී)
හද කම්පාවන සිදුවීමක්... (නි)
මිය ගිය අයට අපෙගේ කනගාටුව. ඔබට නිවන් සුව.(දී)
ආණ්ඩුව කරුණාකර නවත්තන්න කාන්තාවන් ගෘහසේවයට යැවීම ලංකාවෙ මේ අයට අවශ්‍ය රැකියා තියෙනවා.. වගීම ඔබ අතේ.. අනිත් රටවල නෙමෙයි..!(නු)
මේ එකක් විතරයි.. මෙවැනි මරණ සෞදියේ ඕන තරම් අහන්න ලැබෙනවා.. මෙ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව දැරිය යුතුයි.. අනිතිමට ලැබෙන දේකුත් නැහැ ඇමතිවරු නිලධාරින් සෞදි ඇවිත් බොරු කියලා පාටි දාලා ෂොපිං ගිහිං ලෝකෙට කියනව රැකියා ලක්ෂයකට ගිවිසුම් ගැහුවා කියලා..!(නු)
මොනවා වුණත් මට නම් ලංකාව තමයි වටින්නෙ... (නි)
දැං ඉතිං මේවා කරලා වැඩක් නැහැ මින් මතු මෙවැන්නන් සිදු නොවෙන්නට වග බලා ගමු..!(නු)
අපි තවදුරටත් ගැහැණුන්ව රට යවමුද? (නි)
මිිසුනේ යාන්ත්‍රණය තේරුම් ගන්න වෙන රටක කෙනෙක්ට ඕක උනානම් තානාපති කාර්යාලය මොන තරම් ගෑස් පෙන්නයිද? කෝ අපේ තානාපති කාර්යාල..(නු)
දුක දරාගන්න බැරිව නේද මේ. (දී)
පව් අසරණ මිනිස්සු (දී)