IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පකිස්තානය හඹාගිය ඉන්දියාව තවත් විශ්මිත ජයක් ලබයි

බංගලාදේශයේ ”බංග්ලා” ජාතික ක‍්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ආසියානු කුසලාන දිවා-රාත‍්‍රී එක්දින තරගයේදී විශ්මිත පිතිහරඹයක නිරත වූ ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කඩුලූ හයක විශිෂ්ට ජයක් ලැබීය. එක්දින තරග ඉතිහාසයේ අසීරු ඉලක්ක හඹා යාමේ ශූරයන් බවට පත්ව සිටින ඉන්දියාව ඊයේ තරගයේදී ප‍්‍රතිවාදී පාකිස්ථානය පන්දු වාර 49.5ක දී කඩුලූ හයකට රැස් කළ ලකුණු 328 පන්දුවාර 47.5ක දී කඩුලූ හයක් ඉතිරිව තිබියදී ඉක්මවා යමින් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය වාර්තා කළේය. මෙම තරගයේ ජයග‍්‍රහණයේද නියමුවා වූ ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 148ක් පමණක් වැය කරමින් ලකුණු 183ක් රැස් කළේය. ඊට ඇතුළත් වූ හතරේ පහර ගණන 22කි. එක් හයේ පහරක්ද ඊට අන්තර්ගත විය. ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාමේදී කෝලි රෝහිත් ෂර්මා සමග එකතුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 172ක සම්බන්ධතාවයක් පැවැත්වීය. ඕස්ටේ‍්‍රලියාවේ පැවැති කොමන්වෙල්ත් තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව මෙවැනිම අසිරු ඉලක්කයක් අදහාගත නොහැකි අයුරින් හඹා ගිය ඉන්දියාව එහිදී කඩුලූ හතක ජයක් ලැබීය. එම තරගයේදී විශේෂිතම සිදුවීම වූයේ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 320 පන්දුවාර 36.4ක් පමණක් වැය කරමින් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉන්දියානුවන් සමත්වීම ය. එහිදීත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කළේ ඊයේ තරගයේදී පාකිස්ථානයේ අපේක්ෂා සුන්කළ ටිරාට් කෝලි පන්දු 86කදී ලකුණු 133ක් ලබමිනි. කෙසේ වුවත් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු පිල ද ඊයේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක පිතිහරඹයක නිරත විය. එහිදී මොහොමඞ් හෆීස් පන්දු 173කදී ලකුණු 105ක්ද නසීර් ජම්සාද් පන්දු 104කදී ලකුණු 112ක්ද රැස් කිරීමට සමත් වූහ. ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තවත් තරගයක් හෙට (20) පැවැත්වේ. මේ වනවිට තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දියාවේ ඊයේ ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයේ බලාපොරොත්තු තවදුරටත් අත්හැර දැමීමට සිදුවී තිබේ. පාකිස්ථානය පන්දුවාර 49.5කදී කඩුලූ 6 ට 328 (මොහොමඞ් හෆීස් 105, නසීර් ජම්සාද් 112, උමාර් අක්මාල් 28, යුනිස් ඛාන් 52, ප‍්‍රවීන් කුමාර් 77/2, අශෝක් ඩින්ඩා 46/2). ඉන්දියාව පන්දු වාර 47.5කදී කඩුලූ 4ට 330 (සචින් තෙන්ඩුල්කාර් 52, විරාට් කෝලි 183, රෝහිත් ෂර්මා 68, සුරේෂ් රයිනා නොදැවී 12, උමාර් ගුල් 65/2). තරගයේ වීරයා වූ විරාට් කෝලි



අදහස් (0)

පකිස්තානය හඹාගිය ඉන්දියාව තවත් විශ්මිත ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 162 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1497 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1362 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 114 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1266 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1749 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site