පාකිස්තානයට එරෙහිව ඊයේ (07) පැවැති තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවීම නිසා ‘මහින්ද රාජපක්‍ෂ’ සිවුකොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට අතහැර දැමීමට සිදුවිය. ඒ අනුව මාලදිවයින සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය හෙට (09) පස්වරු 3.30 සිට නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කෙසේවුවත් ඊයේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට ගෝල රැුස්කිරීමේ අවස්ථා කීපයක් උදාවුවත් එම අවස්ථා අපතේ යාම නිසා ‘මහින්ද රාජපක්‍ෂ’ තරගාවලියේ අපේක්‍ෂා අවසන් මොහොතේදී බිඳ වැටුණි. අවසන් මහ තරගයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව පැවැති තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබුණි. ඊට හේතු වූයේ ලීග් තරගාවලියක් බැවින් ප‍්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව වැඩි ගෝල සංඛාවක් ලබා තිබීමයි. ඊයේ තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමත් සමග පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව සම විය. එහිදී ප‍්‍රතිවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ගෝලය බැගින් වාර්තා කර තිබුණි. එහෙත් පාකිස්තානයට එරෙහිව ප‍්‍රතිවාදීන් ලබා තිබුණේ එක ගෝලයක් පමණි. එය පාකිස්තානය මාලදිවයිනට ගෝල 1-0 කට පරාජය වීමයි. ඊයේ තරගාවලියේ තවත් සුවිශේෂි සිදුවීමක් වූයේ මෙතෙක් අපරාජිතව පසුවූ මාලදිවයින ගෝල 1-0 කට බංග්ලාදේශයට පරාජය වීමයි. එය මාලදිවයින මෙම තරගාවලියේ ජයගත් එකම තරගය ද විය. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නිපුන බණ්ඩාරත්, ප‍්‍රධාන පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා මහතාත් කටයුතු කළහ. කෙසේවුවත් ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වූ තරග තුනෙන් එකක් ජයගෙන එකක් පරාජය වී සෙසු තරගය ජයපරාජයෙන් තොරව අවසන් කරමින් ඊයේ තරගාවලියෙන් ඉවත් විය. (නාමල් පතිරගේ සහ ගම්පොළ සුරංග රාජනායක)
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තානය - මාලදිවයින අවසන් සටනට