නීති විරෝධි ලෙස කුඩා පොකිරිස්සන් පන්සියයක් පමණ වියට්නාමයට යැවීමට සූදානම් කර තිබියදී සොයාගත් බව රේගුව කියයි.
සෙන්ටිමීටර් 10ට වඩා අඩු පොකිරිස්සන් අපනයනය සපුරා තහනම් වේ.
මීගමුව දුම්ගල්පිටියේ අපනයන ආයතනයකින් ගෙන ආ එම පොකිරිස්සන් මුහුදට මුදා හැරීමට නියෝග කළ රේගුව එම ආයතනයට රුපියල් හාරලක්ෂ දාහත් දහසක දඩයක් නියම කළේය.
කිලෝ 144ක් වූ එම පොකිරිස්සන්ගේ වටිනාකම ද එම දඩයට සමානය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ඩබිලිවි.කේ.බී නිවුන්හැල්ල මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන්වන හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන සහ ගයානි විජේ ගුනරත්න මහත්වරු සිදු කළ අතර රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩබිලිවි. ඒ.ආර්.එචි වංශතිලක මහතා විසින් සිදුකරනු ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදට දැම්මද? එහෙනම් කමක් නැහැ. (නි)
එකෙක්වත් මුහුදෙන් පිටටතට ගියේ නැහැ නේද? (නි)
මම මේ නීතිය ගැන අදයි දන්නේ. (නි)
අපරාදේ හොඳ්දකට දාන්න තිබුණනේ (ස)