නීති විරෝධි ලෙස කුඩා පොකිරිස්සන් පන්සියයක් පමණ වියට්නාමයට යැවීමට සූදානම් කර තිබියදී සොයාගත් බව රේගුව කියයි.
සෙන්ටිමීටර් 10ට වඩා අඩු පොකිරිස්සන් අපනයනය සපුරා තහනම් වේ.
මීගමුව දුම්ගල්පිටියේ අපනයන ආයතනයකින් ගෙන ආ එම පොකිරිස්සන් මුහුදට මුදා හැරීමට නියෝග කළ රේගුව එම ආයතනයට රුපියල් හාරලක්ෂ දාහත් දහසක දඩයක් නියම කළේය.
කිලෝ 144ක් වූ එම පොකිරිස්සන්ගේ වටිනාකම ද එම දඩයට සමානය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ඩබිලිවි.කේ.බී නිවුන්හැල්ල මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන්වන හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන සහ ගයානි විජේ ගුනරත්න මහත්වරු සිදු කළ අතර රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩබිලිවි. ඒ.ආර්.එචි වංශතිලක මහතා විසින් සිදුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොකිරිස්සන් යළි මුහුදට
තිලක් Thursday, 06 December 2012 10:36 PM
මුහුදට දැම්මද? එහෙනම් කමක් නැහැ. (නි)
වීරසේකරගේ Friday, 07 December 2012 03:15 AM
එකෙක්වත් මුහුදෙන් පිටටතට ගියේ නැහැ නේද? (නි)
සිල්වා Thursday, 06 December 2012 04:46 PM
මම මේ නීතිය ගැන අදයි දන්නේ. (නි)
ලලිත් Thursday, 06 December 2012 07:25 PM
අපරාදේ හොඳ්දකට දාන්න තිබුණනේ (ස)