අපණයනය තහනම් කළ කුඩා පොකිරිස්සන් ද, බිත්තර පොකිරිස්සන් ද බලපත් නැති පොකිරිස්සන් ද පෙට්ටි 26ක් රාජසන්තක කළ රේගුව එම පොකිරිස්සන් මුහුදට මුදා හරින ලෙස නියෝග කළේය.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී නන්දසිරි මහතා පැවසුවේ පොකිරිස්සන් දහසකට වැඩි ප්‍රමාණයක් පෙට්ටි 26ක අසුරා හොංකොං නුවරට යැවීමට ජා ඇල අපණයනකරුවකුගෙන් ලැබුණු බවයි.
ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී කේ.බී නිවුන්හැල්ල, නියෝජ්‍ය රේගු අධිකාරී එන්.ආර් උඩුවල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, සහන් ජයසිංහ යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ පිටරට චාරිකාවක් යන්න තිබ්බ චාන්ස් එක පොකිරිස්සන්ට නැති වුණා. (ත)
ෂා..පොකිරිස්සන් යලි මුහුදට. එහෙනමි ලංකාවට එන විදේශිකයන්ට පොකිරිස්සන්ගෙන් අඩුවක් වෙන ඒකක් නෑ. (ත)
පොකිරිස්සන් නිකන්ම මුහුදට විසිකරලා හරියන්නෙ නැහැ. උන්ව මුදාහරින්න ඕනෑ කොරල්පර සහිත අභයභූමියකට. (නි)
වර්තමානයේදී අපේ රටින් මොනවද අපනයනය කරන්න පුලුවන්? (නි)
පත්තර පිටුවල පොකිරිස්සෝ ඔතන්න ඇත්තේ සීතල හැදෙයි කියලා වෙන්න ඇති (ස)
තව පොඩ්ඩෙන් මේ පොකිරිස්සන් ඉතාලියෙන් තමයි එලොව යන්නේ (ස)
ඇත්තටම ඔයාගේ නම වරුණද ? සියල්ලදත්ද ?? (ස)