පළාගල ආඬියාගල පදිංචි ප්‍රදීප් සංජීව පෙලිස් කොස්තාපල්වරයකි. ඔහුගේ ශරීරය ඕනෑම හැඩයකට නැවිය හැකිය. අඩි පහයි අඟල් පහක් උස ඔහු, අඟල් 14ක් උසකින් හා අඟල් 12ක් පළලින් යුක්ත බෑගයකට බැස සඟවීමට හැකියාව ඔහුට ඇත. බෑගයට බැසීමෙන් පසු එහි සිප් වසා තවත දෙනකුට ඕනෑම තැනකට රැගෙන යා හැකිය. පාද දෙකක ද දෙ අත් ද ඔහුට ඕනෑම ආකාරයට නැවිය හැකිය. පාසල් වියේ පටන් විනෝදාංශයක් ලෙස මෙය පුරුදු පුහුණු වූ බවත් ඔහු පාසල් තම යහළුන්ට මේ ආකාරයෙන් ශරීරය නවා විනෝද වූ බවත් ඔහු කියයි. ඔහු දැනට සෙට්ටිකුලම පොලිසියේ සේවය කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකියාවට සුභ පැතුම්! (නි)
අනිවාර්යෙන්ම මෙයාට ඉහළ තනතුරකට යන්න උපරිම සුදුසුකම් තියන බව ඔප්පු කරලා පෙන්නලා තියනවා.(නු)
අයියෝ සල්ලි
සුභ පැතුම්..!(නු)
මේක ලෙඩක් නෙමෙයි. (නි)
මේක ලෙඩක්..Ehlers–Danlos syndrome කියලා..(නු)
පොලිස් කොස්තාපල් වරයාව ගමන් මල්ලෙ දාගනෙ කරතියාන යන එක්කෙනා තමයි නියම වැඩ කාරයා..!(නු)
ඔහොමම ජපන් යන්න ඕනද?(නු)
ගොඩක් දක්ෂයි.. ඔයාට සුභ අනාගතයක්..!(නු)
ගොඩක් දක්ෂයි. සුභ අනාගතයක්! (නි)
මේක ලෙඩක් කියලා නම් කියන්න අමාරුයි. (නි)
රජකාලේ දක්ෂයෙක්නේ. (නි)
අයියෝ සල්ලි
මලයෝ, දැන් සෙල්ලම් පෙන්නුවා ඇති. රාජකාරියට බහින්න වෙලාව ඇවිල්ලා. (නි)
මෙහි අගය කළ යුතු තවත් පැත්තක් මා දකිනවා. එනම් මෙතරම් විරල හැකියාවක් තිබෙන එකේ මෙයාට ඕනෑ නම් ඒක පාවිච්චි කරලා රට රටවල සංදර්ශන තියලා ලක්ෂ ගණන් හොයන්න තිබ්බා. නමුත් මෙයා සල්ලි පස්සෙ යන්නැතුව මිනිස්සුන්ට සේවයක් කරන්න පොලිසියට බැඳිලා ඉන්නවා, රු 15000ක සොච්චම් පඩියකට. මිනිස්කමට වඩා මුදලට තැන දී ඒක පස්සෙ දුවන අයට මෙයා දෙන්නෙ ආදර්ශයක් නෙමෙයිද? (නි)
මෙයාගේ උස
නියමයි..!(නු)
හෙට අනිද්දාට කියයිද දන්නෙ නැහැ එයාත් මොනවාහරි උත්තේජකයක් අරන් කියලා. (නි)
මෙයා පොලිසියටම අවශ්‍ය කෙනෙක්. බෑග් එකකට දාලා, තුවක්කුවකුත් දීලා හොරු ඉන්න කිට්ටුවක තිබ්බා නම් නියමයි. (නි)
අපි එයාට කියමු ලංකාවේ රබර් මෑන් කියලා. (නි)
සූභ ගමනක් සහෝදරයා! (නි)
සාජන් තනතුරක් දෙන්න ඕනි (ස)
මේවා නම් හාස්කම්
මේක අස්ථි නවන රෝගයේ රෝග ලක්‍ෂණ පෙන්වන අවස්ථාවක් (ස)
පීසී ට ඔච්චර නැමෙන්න පුලුවන්නම්, ඉහළ නිලධාරීන්ට කොච්චර නැමෙන්න පුළුවන් ඇද්ද ? (නි)
මෙයාගෙන් පොලිසියට හොද වැඩක් ගන්න පුලුවන් වෙයි. (නි)
උදයංග, රෝහණ උපුල් කුමාර, එම්. එච්. එන්. නිමල් බණ්ඩාර, ඔයාලට හැකියාවක් නැති පළියට අනුන්ට ඉරිසියා කරන්න එපා. පෙරේතයන්ගෙ ලක්ෂණ ගැන අහලා ඇතිනෙ? (නි)
කොහොමටත් පොලීසියේ අයට ඕනැ ඕනැ පැත්තට නැමෙන්න පුලුවන්නේ. (නි)
මාර පුද්ගලයෙන් නේ
මෙහෙම දක්ෂතා තිබෙන අය දුර්ලභයි. මෙයාගේ හැකියාවෙන් රටට ලොකු සේවයක් ලබා ගන්න පුලුවන්. (නි)
මේ වගේ අයට හොඳ තැනක් දෙන්න . මෙයා හොඳ පොලීසියේ වැඩ වලට තමයි (ස)
පුදුම හැකියාවක් ඔබ සතුව ඇත මගෙන් සුභ පැතුම් තවත් ඉදිරියට යන්න (නු)
අනේ අමිමපා පී. සී. මාර නැමිල්ලක්නේ නමන්නේ (ස)
බලාගෙන මහත්තයෝ ඔහොම නැවෙන්න එපා..!(නු)
අපිට ඉක්මනට ආශ්චර්‍ය කරා යන්න පුළුවන් වේවිද ? සුබ අනාගතයක් (ස)
ඔය හැකියාව හොද කටයුත්තකට යොදා ගන්න.!(නු)
මේ හැකියාවෙන් බොහෝ ප්‍ර යෝජන ගත හැකි බව පෙනෙනවා.. සුභ පැතුම්..!(නු)
මෙයාව ගිනස් වාර්තා තියන්න යවන්න බැරිද (ස)
පී.සී මහත්තයා ෂෝ වලට ගන්න එපා . අඩුම තරමේ ඩොලර් 250 ක් වත් ඉල්ලන්න (ස)
වගකිව යුතු අංශ මේ වගේ දුප්පත් ගමේ කොල්ලන්ගෙ විරල හැකියාවන් ගණන් නොගෙන ඉන්න එපා. මෙයාව පුහුණු කරලා ලංකාවෙ ජිම්නාස්ටික් කණ්ඩායමට ගත්ත නම් රටටම කීර්තියක් ගෙනෙන්න පුලුවනි නේද? ක්‍රීඩා ඇමත්තුමාගෙ අවදානය පිණිසයි.(ස)
රටට වැඩක්ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක් , කොහේද මෙච්චර කාලයක් හැංගිලා හිටියේ (ස)
අරුම පුදුම හැකියාවක්.. මෙයාව ගන්න තිබ්බෙ රහස් පොලිසියට.. ඔත්තු බලන්න..!(නු)
සුරංග හරි. මේ හැකියාව පාවිච්චි කරලා මෙයාට ගිනස් වාර්තාවක් ලේසියෙන් තියන්න පුලුවන් වෙයි.. සුබ පතනවා. (නු)
මේ කොස්තාපල්වරයා බුද්ධි අංශය ගන්න බැරිද ? කොටුව හරියේ ගෝනියක දාල තිබ්බොත් නාට්ටාමිලගේ ඔක්කොම රහස් හෙලිවේවි (ස)
සෙට්ටිකුලමේ පොලිසියෙ කොල්ලන්ට ඕන වැඩක් පුළුවං..!(නු)
පොලිසියෙ ඉන්නෙ කොහොමත් ළග නවන අය තමයි..!(නු)
බලගෙනයි .....................(ස)
ප්‍රභූ ආරක්ෂාවට නියමයි (ස)
සංජීව ඔයා නමන්නවත් ලොක්කො ඔයාට නැමෙන්න කැමති නැහැ..!(නු)
ඔයාට ඔය මල්ල තුල කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න ඔය ගමන්ම (ස)
ළමා අවධියේ සිට පුහුණුව ඉන්න කායික හැකිලීම අඩියට අඩු කරන සාධූ වරුත් භාරතයේ පරදවන පුදුමයි මෙවැන්නෝ ඉඳ හිටවත් දකින (ස)
මාරයි කොල්ලෝ (ස)
සංජීව ඇයි ඔයා මේ වගේ රැකියාවක් තෝරා ගත්තේ (ස)
සංජය පොලිස් අභ්‍යාස විද්‍යෘලයේ මේවාගේ දේවල් හෙලි නොකර හිටියෙ ඇයි..!(නු)
ඔය තරමට මහන්සි වෙන්නෙ ඇයි.?(නු)
වැටළීම් වලට එහෙම යන්නේ බලාගෙන හොදේ. (නි)
ශ්රී ලංකන් රබ(ර්) මෑන්.. අටපට්ටමේ පෙන්නුවොත් නියමයි (නි)
ගිනස් පොතට යන්න බැරිද (නි)
ස්තූතියි කොල්ලෝ. (නි)
පොලීසියටම හරියනවා. (නි)
අයියෝ සල්ලි