රංජිත් රාජපක්ෂ)

පවතින අධික වර්ෂාවත් සමග මාර්ග සහ පහත් බිම්, පාසල් බිම් වැසි ජලයෙන් යටවීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් පවත්වාගෙන යාමේ බලය  ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරූ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි.

මාර්ග යටවීම, පස් කඳු කඩාවැටීමේ අවදනම් ඇතුළු ස්භාවික  අනතුරු ගැන සොයා බලා පාසල් පවත්වා ගෙන යා හැකි ද නොහැකි ද  විදුල්පතිවරුන් තීරණය කර කාලාප කාර්යාලවලට දැනුම් දෙන්නැයි ද ඒ මහතා කියා සිටියේය.