(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි සහ ශීර්ෂ බවට හැඟෙවෙන ලෙස ව්‍යාජ ශීර්ෂ පාඨ, නිළ මුද්‍රා භාවිතා කරමින් එහි ගණකාධිකාරි සහ සැළසුම් අධ්‍යක්ෂවරයාගේ අත්සනට හොරට යොදා රජයේ රැකියා, නිවාස සහ ණය ලබා දෙන බව කියමින් මුදල් එකතු කළ සැකකරුවන් දෙදෙනකු අත්අංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශ නිලධාරීහු පවසති.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය වෙනුවට වැඩ බලන දිස්ත්‍රික් ලේකම් වශයෙන් ඉහත නිළධාරින් දෙදෙනාගේ ව්‍යාජ අත්සන යොදා ගෙන මුදල් ලබා ගත් අයට සැකකරු විසින් ලබා දුන් ලිපිවලට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇති බව මුදල් ලබා දුන් අය විසින් දිස්ත්‍රික් ලේකම්වරිය වෙත එවන ලද ලිපි කිහිපයක් පරික්ෂා කිරිමේදි එම ශීර්ෂ පාඨ ලිපි සහ අත්සන් ව්‍යාජ බවට තහවුරු වී ඇත.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ෂණ ආරම්භ කර ඇත.