
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳ සලක් අසළදි නිතිඥවරයකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කරන ලද වෙඩික්කරු ඊයේ රාත්රීයේ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාශ අපරධ විමර්ශණ අංශය කියයි.
එහි නිලධාරින් කණ්ඩායමක් අම්බලන්ගොඩ දෙල්දුව ප්රදේශයේදි අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පෙඩ්රූ ජනපදයේ පදිංචි 45 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරුට නවාතැන් දි අපරාධයට ආධාර අනුබල දුන් අම්බලන්ගොඩ දෙල්දුවේ නිවෙස් හිමියා මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
මේ අතර එම නිවෙස්හිමියා භාවිතා කරණ ලද යතුරු පැදිය අම්බලන්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය වෙත රැගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd