(කාංචන කුමාර ආරියදාස)

විල්ගමුව පේරකනත්ත යායදහය ප්‍රදේශයේ නිවසකට වංචනික ලෙස විදුලිය ලබාගත්තේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ලග්ගල මහේස්ත්‍රාත් එන් .එස්. ජයසූරිය මහතා  නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ ජී . රසිකා රත්නායක  නමැති ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි.

විදුලි බල මණ්ඩලයට ලද තොරතුරක් මත විල්ගමුව පොලිසියේ සහය  සිදුකළ විමර්ශනයකදී ඇයගේ නිවෙසට විදුලි මීටරය විකෘති කරමින් කාන්දම් කැබලි උපයෝගී කරගෙන කලක සිට විදුලිබලය ලබාගෙන ඇති බව විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැනුම් දී තිබේ.

 දෙසැම්බර් 18 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය

එදිනට විදුලි බල මණ්ඩලයට සිදුව ඇති පාඩුව ගණනය කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බව ලංකාව විදුලි බල මණ්ඩලයේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.