
(රන්ජන් කටුගම්පොල)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම හා දඩ මුදල්වලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපැල් පෙත්සම් හතරක් ගොනුකර ඇත.
නීතිඥ රන්ජන් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට ඒවා ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබිණ.
එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන එම චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතල වැඩ සහිත වසර හතර බැගින් වසර 16ක සිර දඬුවම් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ඇවිත් රටේ සම්පත් විනාස කරන උන්ට ලෝකේ කිසිම රටක සමාවක් නැහැ. මුන්ගෙ කාල යතවත් දිගු කරන්න ඕන. නාකිමයිනගෙ ලොකු කම් ඔලුවට අරන් වැඩ කෙරුවේ. ඔය ගොබ්බ මීහරක් රෑන. තව කාලයක් රට කෙරුවානම්. ඉතියෝපියාවට අන්ත දුගී හිගන රටක් වෙනවා ලන්කාව. නාකිමයිනවත් ඇතුලට ෆ්හාන්න ඕ න රැකියාවක්. නොකර පුත්තු රජ පැටව් වගෙ දේපලායිති කරුවන් මේ සේරම රටේ සම්පත්. නාකිමයිනා ඇතුලු මුලු පව්ලටම සිර දඩුවම් ලබා දෙන්න. කනකොට කෑවා රට වැටෙනකම්. දැන් දඩුවම් ලිහිල් කරන්න. හැට පැනපු නාකින්. හොරා කෑවෙ ලැජ්ජා නැතිව. දඩ මුදලත් වැඩිකරන්න හොරාකාපුවා වගෙ තුන් ගුනයක් පොලියත් සමග
යුක්තිය නීතීය කාටත් පොදුයි .වැරදි කළානම් දණ්ඩුවම් විදින්ඩම වෙනවා.