
(යොහාන් භාසුර)
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ ජනතාවට හින්සාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ රථ ගාල් ඉවත්කර එහි ආරක්ෂාව පොලිසිය යෙදවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව පියවර ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව දෙපස ද රැදීසිටි තැරැව්කරුවන් ඇතුළුව එම පරිශ්‍රය ආවරණය වන මාර්ගයෙන් තැරැව්කරුවන් ඉවත් කර ඇත.
නැවත එම ප්‍රදේශයේ අකටයුතුකම් සිදු වීම වැළැක්වීම සඳහා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පොලිසියේ නිලධාරීන් යොදවා ඇති බව ද එම පොලිස් නිලධාරියා කීය.
එම පරිශ්‍රය ඉදිරිපිට තාප්පය අසළ පවත්වා ගෙන ගිය නීති විරෝධී රථ ගාල සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කී පොලිසිය තව දුරටත් ජනතාව මුලාකිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී මෙසේ පැවැසීය.
නව කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් අනුව ප්‍රධාන කාර්යාලයේ ආපනශාලාව අසළ පවත්වාගෙන ගිය වෙළෙඳ කුටි ද ඉවත්කිරීමට කටයුතු කළා. කිසිඳු පිටස්තර පුද්ගලයකුට පරිශ්‍රය තුළට පැමිණ අකටයුතුකම්වල යෙදීමට නොහැකි වන පරිදි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd