
(ගයාන් සූරිය ආරච්චි)
මීගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය නාගරික මන්ත්රීවරයෙකුට පහර දුන් බව කියන ත්රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය පවසයි.
එම මන්ත්රීවරයා ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන අතර එම ආයතනයේ කැබ්රථයකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්රිරෝද රථ රියදුරු මාර්ගය හරස් කර ඇති බවත් එහිදී සිදු වූ බහින්බස්වීමකදී මන්ත්රීවරයාට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මරදාන පාර, මීගමුව ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. පහර කෑමට ලක් වූ නාගරික මන්ත්රීවරයා මීගමුව රෝහලේ ප්රතිකාර ලබන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd