ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් , නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසරේ සිසු සිසුවියෝ සියයක් පමණ අද (15) පැය හයක් පමණ කාලයක් එම විශ්ව විද්‍යාලයේ වන්දාරමුල්ල විද්‍යා පීඨය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවක් පැවැත්වූහ.
පළමු වසරේ සිසුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ භෞතික විද්‍යාව පරීක්ෂණය ද ඔවුහු වර්ජනය කළහ.
සිසුන් 72 දෙදෙනකුට විභාගයට ඉදිරිපත් වීමට ඉඩ නොදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව එම සිසුවෝ පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්තක විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාල වහලා පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න. එතකොට මේ අය ස්ට්‍රයික් නොකර ඉගෙනගනියි. නැත්නම් තියෙන්නේ ප්‍රේමදාස කාලේ කළා වගේ අවුරුදු ගණන් ඕවා වහලා තියන එකයි. එතකොට ගෙදරට නාකි වෙනකොට ඉගෙනීමේ අගය තේරෙයි. (නි)
පන්ති තහනමක් දැම්මා නම් හරි කියලයි මම කියන්නේ. විජේසිංහගේ කතාව හරියටම හරි. කරන්න ඕනෑ ඒක තමයි. (නි)
කට්ටිය විශ්ව විද්‍යාලයෙන් කොටසක් ඕනෑ කියනවද්ද ? (නි)
72කට විභාගයට වරම් නොලැබුණේ නිකන් නම් වෙන්න බැහැ. (නි)
ඔය කට්ටිය ඔහොම කියන්නේ මඩකලපුව දැකලා වත් නැතුව. 2009/2010 බැජ් එකේ පළමු සෙමෙස්තරය ඉවරවෙලා අවුරුද්දක් වෙලාත් තාම ප්‍රතිඵල නැහැ. 2010/2011 බැජ් එකේ පළමු සෙමෙස්තරයට පසුගිය 14 ට වසරයි. ඒත් තාම විභාගය නැහැ. මෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මඩකලපුවේ ඉදන් කට්ට කන අපි මිසක් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න උල්පන්දම් දෙන උදවිය නොවේ. (නි)
අනේ මේ අපේ රටේ ජීවනාලිය නේද? (නි)
මේවට කෑගහලා නතරවෙලා වඩක් නෑහෑ. ඊට වඩා හොඳ දෙයක් කරන්න. (ස)
සමාවෙන්න ඕන විජේසිංහ මහත්මයා අපි ගොඩක් දුප්පත් මිනිස්සු. රජයේ විශ්වවිද්‍යාල වහලා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරියොත් දුප්පත් දෙමාපියන් තුල අපි වෙනුවෙන් පායපු ඉරවල් ආයේ කවදාවත් පායන එකක් නෑ.අපි ලෝකයට එක් කරන්න හදන අලුත් විද්‍යාව සමහර විට ඔබ කියන දෙයින් නැතිවෙලා යාවි.ඒක ඔබත් මාත් ජිවත්වන වටපිටාවේ සෙල්ලම් කරණ කුඩා දරුවන්ගේ කොටසකට දුවපන නැටීමට අවසර ඇතුවා සේය.දිනක ඔබ දරුවාද ඒ දෙකොටසින් එකකට වැටෙනු ඇත.ඔබ ඒ අසාධාරණයට උල්පන්දම් දෙන මිනිසෙක් වෙනු ඇත. (ස)
සිසුන්ට නිසි මග පෙන්වන්න
හිමාලි, හරියට කරුණූ හොයලා බලලා කතා කරන්න අක්කේ. (නි)
පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න උල්පන්දම් දෙන උදවිය දන්නේ නැතුව ඇති ප්‍රමිතියක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙන ගත් අය ජාත්‍යන්තරව ගරු බුහුමන් ලබන උගතුන් ලෙස දැනටමත් විදේශ වල ඉන්නා බව, අනිත් කාරණාව ඒ අය පිටරට ට සේවය කරන්නේ මේ රටතුල ඇති දේශපාලන මතවාද නිසා උගතුන් ට අවංකව රටට වැඩ කරන්න දෙන්නේ නැති නිසා (ස)
සිසුන්ට උත්තර දෙන්න (දී)
ලමයිනම් ඉගෙන ගන්න ඕනේ
මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. (නි)
සාමදානයෙන් හැමදෙයක්ම විසදා ගන්න ඕනේ
දැන්මම අපි මොළේ පාවිච්චි කරලා වැඩකරමු. මේ වගේ පොඩි අරගල තමයි පසුව ලොකු විප්ලව වෙන්නේ. (නි)
එකක් අවසන් වෙනකොට තව එකක්. (නි)
72කට විභාගයට වරම් නොලැබුණේ නිකන් නෙමේ,අසාධාරණයට විරුද්ධව සටන් වැදීම නිසා කියලා මම කියනවා. කරුණු සොයා බලා ප්‍රතිචාර කරන මෙන් කරුණාවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. (නි)
අපි සාර්ථකව අරගලය නිමා කළ වග ලංකාදීප පාඨකයන් වෙත දන්වා සිටින්න කැමතියි.මෙහිදී සියළුම ඉල්ලීම් උප කුලපති තුමා විසින් පිළිගත් අතර පරිපාලනයේ ඇති දුර්වලකම් පිළිඹදව හා සිදුවු අසාධාරණය පිළිඹදව තම කණගාටුව ප්‍රකාශ කළා.සියළු සිසුන්ට විභාගයට ඉදිරිපත් විය හැකි පරිදි ඉදිරියට කටයුතු කරණ බවට දුන් හා මාස දෙකක කාලයක් ඇතුලත මෙම දුර්වලතා මගහරවා ගන්නා බවට උපකුලපතිතුමා දුන් ප්‍රතිඥාව මත නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨාය් පළමු වසර සිසු අරගලය තාවකාලිකව නිමා කිරීමට සිසුන් තීරණය කළා. (අ)
ඔයාලා හරියට පන්ති වලට සහභාගි වුණා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේද නංගිලා මල්ලිලා? (නි)
මේ ළමයි සරසවියට ඇවිත් 2012/11/14 වෙනකොට අවුරුද්දක් වෙනවා. හරිනම් මේ වෙනකොට අධ්‍යයන වාර 2ක් ඉවර වෙලා තියෙන්න ඕනෑ. එත් තාමත් අධ්‍යයන වාර එකකවත් විභාග තියලා නැහැ. (නි)
විභාග ලියන්න දෙන්නෙ නැත්තෙ පැමිණීම නැහැ කියලා. ඒත් පැමිණීමේ ලේඛනයේ, පැමිණීම 80% ටත් වඩා ගොඩක් ළමයින්ට තියෙනවා මම දන්න විදියට. (නි)