(ටී.කේ.ජී.කපිල)

නවසීලන්ත කාන්තා ක්‍රිකට් " A" කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 02 ක් සදහා සහභාගී වීමට අද අලුයම  දිවයිනට පැමිණියහ .

මෙම කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් 21 දෙනකු ඇතුළත් වී සිටියහ .

ඔවුන් සහභාගී වන එක් දින තරගාවලියේ පළමු තරග 03 , එළඹෙන 12 , 15 සහ 18 යන දින වලදී පැවැත්වීමට නියමිතය .

එසේම විස්සයි විස්ස තරගාවලියේ තරග 03 , එළඹෙන 21 , 23 සහ 25 යන දින වල පැවැත්වීමට නියමිතය .

මෙම සියලුම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ .