ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය දෙවැනි ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා ලකුණු 9 ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 247 ක් රැස්කරමින් ලකුණු 26 ක් පෙරමුණ ගැනීමට සමත් විය. නවසීලන්තය පළමු ඉනිම ඕවර 82.5 කදී සියලූ දෙනා දැවී 221 සහ දෙවැනි ඉනිම ඕවර 10 කදී කඩුලූ 1 ට 35 (මාටින් ගප්ටිල් නොදැවී 13, බ්‍රෙන්ඩන් මැකලම් 13) ශ්‍රීලංකාව පළමු ඉනිම ඕවර 80.2 කදී සියලූ දෙනා දැවී 247 (මහේල ජයවර්ධන 91, තිලාන් සමරවීර 17, ඇන්ජලෝ මැතිව්ස් 79, රංගන හේරත් නොදැවී 11, ටිම් සවුති 46/4, ජීටන් පටෙල් 55/3)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd