නවසීලන්තයේ හැමිල්ටන් නුවර මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම භාවනා මධ්‍යස්ථානාධිපති දුනුවිල මෛත්‍රී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා පැවැත්විණි.
නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා ඕක්ලන්ඩි නුවර ශ්‍රි ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ , වෙලිංටන් නුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානාධිපති වැලිමඩ ජිනාලංකාර, ක්‍රයිස්ට් චර්ච් සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරත්න, මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ දිඹුලාගාවතැන්නේ බෝධිරතන සහ නවසීලන්ත ජාතික ටෙක්සින් චෝසෙන් යන ස්වාමීන් වහන්සේලා සමග ලාඕස්, කාම්බෝජ, තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් මෙම කඨින පිංකමට වැඩම කළහ.
කඨින චීවරය පුජා කිරීම ඇතුළු පිංකමේ ප්‍රධාන දායකත්වය නවසිලන්තයේ අජිත් සේනානයක , කුමුදු සේනානායක, ගාම්ණි සිල්වා , ශාමලී ද සිල්වා යන පවුල්වල සාමාජිකයන්ගෙනි.
පිංකම හැමිල්ටන් නුවර උසස් පිරිම් විදුහල් ශාලාවේ පැවති අතර දේශිය සැරසිලි වලින් අලංකාර ලෙස ශාලාව සරසා තිබ්ණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු !!! (ස)
හරිම ලස්සනයි. අපේ කම හැම රටකම තියෙනවා දැක්කම (ස)
සාදු සාදු සාදු !! (ස)
කාටවත් කරදරයක් නැති නිර්මල ධර්මයක් තමයි බුද්ධාගම කියන්නේ. ඒත් ලංකාවේ නම් ලොකු බෞද්ධ සංහාරයක් සිද්ධවෙන බව පෙනෙනවා. (නි)
ශ්‍රි ලාංකික තරුණයෙක් හැට්යට මම ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි .... අපේ සම්ප්‍රදායන් රකිනවාට... ඔයාලට බුදු සරණයි.....!(නු)