නිවසක් තනාදීමට පොරොන්දු වී රුපියල් 35 ලක්ෂයක් වංචා කළැයි කියන කොන්ත්‍රාත්කරුවකු ලබන 7වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය. කැලණිය දළුගම ඉදිකිරීම් සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂ බව කිය දොන් මිගාර සංජීව එසේ රිමාන්ඩ් කරනු ලැබීය. නිවෙස බාගෙට ඉදි කර ඇති බවත්, එහි කිසිම ප්‍රමිතියක් නැති බවත් මේ කොන්ත්‍රාත්කරුට එරෙහිව වැලිවේරිය හා කිරිබත්ගොඩ පොලීසිවලට තවත් පැමිණිලි ලැබී ඇති බවත් මොරටු පොලසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙවල් ළගත් ඉන්නවා මේ නමම තියෙන කෙනෙක්. එයාද දන්නෙ නැහැ? (නි)
ලංකාවෙනේ. ඒ නිසා ගණන් ගන්න එපා. (නි)
පුදුමයි. ඔය සමාගම් සාමාන්‍යයෙන් ගෙවල් හදන්නේ විදේශ වල රැකියාව කරන අයටයි.මොකද ඒ අයට ඒ ගෙවල් හදන හැටි පේන්නේ නැහැ නේ .එතකොට නඩුත් නැහැ බඩුත් නැහැ. නමුත් ලංකාවේ ඉන්න රැකියාලාභියෙකුට ගෙයක් හදන්න බාර ගන්නේ කලාතුරකින්. (නි)
කොටලා කොටල ඔන්න මේ පාර කෙටුවේ කෙසෙල් ගහකට. මේ වගේ අයට දඩුවම් දෙන්න (ස)
බාල බඩු දාල ගෙවල් හදන එක මහ පාපයක්...... (ස)
තව ඉන්නවා මේ වගේ හොරු.මගේ ගේ ලක්ෂ 40 අරන් භාගෙට හැදුවා. ලඟදිම එයාලත් ඔය වගේම ඇතුලට දාන්න(ස)
මේ වගේ හොරු කට්ටියක් ඉන්නවා බම්බලපිටිය පැත්තෙත්. (නි)
මේ වගේ හොරු කට්ටියක් ඉන්නවා බම්බලපිටියෙත් (ස)
අධිකරණ නිළධාරියෙක් නිසා මිනිහ බේරිලා හමාරයි.ඕක තමයි කියන්නෙ හැම තැනට කොටන්න ගිහින් කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනව කියලා.රිමාන්ඩ් එකෙන් එළියට ගන්නත් ලොකු මුදලක් වියදම් කරන්න වෙයි. (ස)
කරුණාකරලා කියන්න පුලුවන්ද ඒ ව්‍යාපාරයේ නම (දී)