නාවික හමුදා ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති අවසන් මහ තරගයේදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා පිල කඩුලූ 8 කින් ගුවන් හමුදා පිල පරාජය කළේය. නාවික හමුදා පිලේ වමතින් පා දඟ පන්දුයවන ඉනෝකා රණවීර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 25 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වූවාය. ගුවන් හමුදා පිල ඕවර 31.1 කදී සියලූ දෙනා දැවී 74 (චමරි අතපත්තු 10, ඩිලානි මනෝදර 10, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 12, උදේෂිකා ප‍්‍රබෝදනි 6/2, ශෂිකලා සිරිවර්ධන 10/2, ඉනෝකා රණවීර 25/4) නාවික හමුදා පිල ඕවර 23.4 කදී කඩුලූ 2 ට 76 (ප‍්‍රසාදනී වීරක්කොඩි නොදැවී 48, සුවිනි ද අල්විස් 13)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd