
(අංජුල මහික වීරරත්න)
නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පර්යේෂණ සහ සංවර්ධනය ලෝකයේ විශාලතම ආදායම් උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වන්නේ පර්යේෂණ සහ සංවර්ධනය මගින් බවත්, අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැක්කේ එය නිසි ලෙස හඳුනාගන්නා අයට බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දීමේ ක්රමවේදයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද විමසා බැලීය.
විවිධ අමාත්‍යාංශ යටතේ පවතින පර්යේෂණ අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේදී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවන් මර්දනය සදහාද නව විද්‍යා පර්යේෂණ යොදා ගන්න පුලුවන් නේද ? ළොවෙහි සමහර රටවල් මදුරුවන් මර්දනය සදහා පර්යේෂණ ක්‍රම මගින් එම සතුන් වද භාවයට පත්කර තියෙනවා.ඒත්,අපේ රටේ සවුක්ය අන්ශ දඩ ගසමින් මිනිසුන් පීඩාවට පත් කිරීමට පලමුවන ස්තානය දෙනවා මිසක් වෙනත් බුද්දිමත් පියවර ගන්න කටයුතු කොට නොමැත.