(පාලිත ආරියවංශ)

බදුල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථානයක වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂකවරයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බව වෛද්‍ය පරික්ෂණයකින්  තහවුරු වීමෙන් පසු මූලික පරික්ෂණයකට යටත්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට බදුල්ල කොට්ඨාශ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා විසින් කටයුතු කර තිබේ.

ඔහු රාජකාරී කාලය තුල මත්ද්‍රව්‍ය භාවිතාකරන බවට ලැබුණ තොරතුරක් මත එය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ කැමැත්තෙන්ම පසුගිය 02  දා වෛද්‍ය පරික්ෂණයකට ලක් කළ බවත් එහිදී මුත්‍රා සාම්පල් වල විස මත්ද්‍රව්‍ය හදුනාගත් බවත්   බදුල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයෙක් විසින්  සිය වාර්තාවෙන් තහවුරු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.