
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
යතුරු පැදියකින් ගොස් අතුරු මාර්ගවල පාලු ස්ථාන වල රැදී සිට පෙම්සුව විදින මුවාවෙන් කලක සිට මහා පරිමාණයෙන් මත් පෙති ජාවාරමේ නිරත අඹුසැමි යුවළක් මත් පෙති අනූවක් සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි (21) හැවිරිදි අඹු සැමි යුවලක් බව පොලීසිය කියයි.
පාදුක්ක පොලිස් වසමේ අතුරු මාර්ගවල පාලු ස්ථාන වල පෙම් සුව විදින මුවාවෙන් රැදී සිට මත් පෙත් අලෙවි කරන යුවළක් පිළිබඳව පොලිස් සැරයන් (53529) කළුආරච්චි නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව නිලධාරියේ කණ්ඩායමක් පාදුක්ක මාවතගම පාසල් මාවතේ වැටලීමක් සිදුකොට එහි රැඳී සිටි මෙම යුවලට රුපියල් දහසක් ගෙවා මත් පෙති දහයක කාඩ්පතක් මිලදී ගෙන තිබේ.
පසුව එම කාඩ් පතෙහි අඩංගු පෙති වර්ගය මත්පෙති බවට හඳුනා ගැනීමෙන් පසුව ලබා දුන් හස්ත සංඥාවකින් පසුව ස්ථානය අවට ආවේශණ රාජකාරියෙන් රැඳී සිටි නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔවුන් සන්තකයේ තිබූ මත්පැති අලෙවියෙන් උපයා ගත් රුපියල් 1000 හා තවත් මත් පෙති අසූවක් හා යතුරු පැදිය බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd