කැළණිවැලි මාරගයේ සවස් කාලයේ කාලයේ පස්වරු 04.00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ගමන් ආරම්භ කරනු ලබන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය අද දින අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත. මෙම දුම්රිය ඊයේ දිනත් පසුගිය සතියේ දින දෙකකදීත්  හේතූ නොදන්වා අවලංගු කිරීමට කටයුතු කල අතර මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා භාවිතා කරන මගී ජනතාව මහත අපහාසුතාවයන්ට ලක්විය. 

මෙම දුම්රිය ධාවනය නොවීම මත සවස් කාලයේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කරන්නේ සවස 04.25 අවිස්සාවේල්ල  දුම්රිය වන අතර එහිදී කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවලින් මගී මැදිරි පිරී ඉතිරි යන අතර බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථානවල මගී ජනතාවට ඒ අනුව ඉන් පසු පැමිණෙන දුම්රියෙන් ගමන් කිරීමට සිදුවීම නිසා ඒ ජනතාව මහත අපහාසුතාවයන්ට පත්ව ඇත. මේ සම්බන්දයෙන් අවධානය යොමු කිරීමට දුම්රිය බලධාරින් අපහොසත්ව ඇත.