අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු තිදෙනෙක් අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
විදේශ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය සහ තැපැල් අමාත්‍යාංශය සදහා මෙලෙස නව ලේකම්වරු පත් කර තිබේ.
විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා ද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා ද තැපැල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද එසේ පත්වීම් ලැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්....! (බ)
අනේ මන්ද, මොනවා කරනවද කියල .(රේ)