ජාතික ක‍්‍රීඩා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙරට සියලූ ජාතික ක‍්‍රීඩා සංගම්වලට පොදු එකඟතාවයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ දී සුළු සංශෝධන කීපයක් සහිතව ඉදිරිපත් කෙරෙන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජිතයන් සමග ඉකුත් සඳුදා (16) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් හුවමාරු වූ බවත් තම ක‍්‍රීඩා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් සියලූ දෙනා ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එකඟතාව පළ කළ බවත් කියා සිටියි. මෙම නියෝජිත හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා පාපන්දු කළමනාකරණ කමිටුවේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු යන මහත්වරුද අදහස් දැක්වූහ. වගන්ති 56 කින් සමන්විත නව ක‍්‍රීඩා රෙගුලාසි පිළිබඳව ජාතික ක‍්‍රීඩා සංගම් වෙතින් සුබවාදී ප‍්‍රතිචාර ලැබුණු බවත් ඉදිරිපත්ව තිබෙන සංශෝධන පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඉදිරියේදී ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ගේ විශේෂ හමුවක් කැඳවීමට ද කී‍්‍රඩා ඇමැතිවරයා එකඟතාව පළ කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව කී‍්‍රඩා රෙගුලාසි කි‍්‍රයාත්මක කරන්න ජාතික කී‍්‍රඩා සංගම් පොදු එකඟතාවක