ජාතික ක‍්‍රීඩා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙරට සියලූ ජාතික ක‍්‍රීඩා සංගම්වලට පොදු එකඟතාවයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ දී සුළු සංශෝධන කීපයක් සහිතව ඉදිරිපත් කෙරෙන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජිතයන් සමග ඉකුත් සඳුදා (16) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් හුවමාරු වූ බවත් තම ක‍්‍රීඩා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් සියලූ දෙනා ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එකඟතාව පළ කළ බවත් කියා සිටියි. මෙම නියෝජිත හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා පාපන්දු කළමනාකරණ කමිටුවේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු යන මහත්වරුද අදහස් දැක්වූහ. වගන්ති 56 කින් සමන්විත නව ක‍්‍රීඩා රෙගුලාසි පිළිබඳව ජාතික ක‍්‍රීඩා සංගම් වෙතින් සුබවාදී ප‍්‍රතිචාර ලැබුණු බවත් ඉදිරිපත්ව තිබෙන සංශෝධන පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඉදිරියේදී ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ගේ විශේෂ හමුවක් කැඳවීමට ද කී‍්‍රඩා ඇමැතිවරයා එකඟතාව පළ කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd