නිල්වලා පහත නිම්නයේ වගුරු කුඹුරුවලින් අක්කරයට බුසල් 80-100ක අස්වැන්නක් ගත හැකි නව වී ප්‍රබේධයක් සොයා ගත් බව කඹුරුපිටිය මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය කේ ඩී එන් වීරසිංහ කියයි.
නිල්වලා පහත නිම්නයේ වගුරු කුඹුරුවලින් අක්කරයට බුසල් 80-100ක අස්වැන්නක් ගත හැකි නව වී ප්‍රබේධයක් සොයා ගත් බව කඹුරුපිටිය මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය කේ ඩී එන් වීරසිංහ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටකින් පරීක්ෂා කරලා තහවුරු කළොත් විතරක් මම නම් පිළිගන්නවා. තරහා ගන්න දෙයක් නැහැ. ඒ මගේ අදහස. (නි)
චන්ද්‍රා, පින් සිද්ධ වෙයි. ඔයා සිඩ්නි වලටම වෙලා ඉන්න. (නි)
ඒවා හොද වැඩ (දී)
ඉතාම වටිනා මෙහෙයක්. මෙවැනි සොයාගැනීම් අප රටට ඉතාම අවශ්‍යයි. චන්ද්‍රා-සිඩ්නි, ඇයි පිටරටක්? අපට ඕක කරගන්න බැරිද? සමහරවිට ඔබ අදහස් කරන්නෙ තිරිඟු පිටි කන මිනිස්සු ඉන්න රටක් වෙන්න ඇති! (ස)
මේ ක්‍රියාව නිසා ස්වභාව ධර්මයේ අත්‍යවශ්‍යම පරිසර පද්ධතියක් වන වගුරු බිම් විනාශ වීමට නම් ඉඩනොදෙන්න. (නි)
නව සොයාගැනීම් කෘෂිකර්මාන්තයේ දියුණුවට අවශ්‍යයි. සාර්ථක වේවායි පතමි (ස)
සුනිල්ගේ අදහස හරි. එහෙත් ස්වාභාවික වගුරුබිම් වල වී වගාව ව්‍යාප්ත කරන්න අවශ්‍ය නැහැ. නිල්වලා ව්‍යාපාරය මගින් ගං වතුර පාලනය කළාට පසු බිහිවුණු ලවණ වගුරු සහිත කුඹුරු යායවල් නිල්වලා නිම්නයේ සැහෙන්න තියෙනවනේ. ගිං ගඟේ ජලගැලීම් පාලනය කළාට පසුව එම ප්‍රදේශයේත් ලවණ මට්ටම ඉහළ ගිය නිසා හොලුවාගොඩ වැනි විශාල වෙල් යායවල් භාවිතයට ගත නොහැකි මට්ටමට ඇවිත් තියෙනවා. මේ ලවණ මට්ටමට ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් සොයා ගත්තොත් නැවත මේ යායවල් අස්වද්දන්න පුළුවන්. (නි)
කලකට පෙර අදහස් තීරුව බලන්න එපාවෙන තරමට තිබුන අර ආචාර්ය කෝලම වගේ තව එක්කෙනෙක් එළිබහින්න වගෙයි හදන්නේ. චන්ද්‍රා සිඩ්නි කියලා... කරුණාකර මෙතන පිස්සු නටන්න නම් එපා. සුබ නව වසරක්! (නි)
හොඳ වැඩක් (ස)
මම ඉපදුණු රටට යම් යහපතක් වෙනවා නම් ඊට වැඩිය සතුටක් කොයින්ද? ඒත් මම ටිකක් අඩුවෙන් අදහස් දාන්නම්කෝ. (නි)
නිල්වලා ගඟ ව්‍යාපාරයට කලින් ගොවියෝ වගා කළේ ලවණ සහ ගංවතුරට ඔරොත්තු දෙන පැරණි 'මා ' වී වර්ග . මේවා වල අස්වැන්න කපා ගැනීමට කල් ගතවන නිසාත් අස්වැන්න තරමක් අඩු නිසාත් වර්තමාන ගොවින් උනන්දුවක් නැහැ. නමුත් කාබනික 'මා'වී ගොවිතැනට ගොවීන් යොමුකර ඒ සදහා හොඳ වෙළඳ පොළක් ඇතිකිරීමට රජය කටයුතු කරන්නේ නම් වඩා සුදුසු බව කිවයුතුයි. එසේ කරන්නේ නම් දැනට ගං වතුර ඉවත්කිරීමට නිල්වලා ව්‍යාපාරයේ පොම්පාගාර වලට වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි එකහමාරක පමණ මුදල ඉතිරි කර ගත හැක. එම මුදල් ගොවීන්ගේ කාබනික මා වී වගාවට යොදා ගත හැක. (නි)