පස්කන්ද කඩා වැටීමට පැය තුනකට පමණ පෙර අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ඒ බවට අනතුරු ඇඟවීම නිසා ජිවිත හානි වළක්වා ගත හැකි වූ බව එහි ප්‍රකාශකයකු කියයි. නම හෙලි කිරීමට අකමැතිවූ එම නිලධරයා පැවැසුයේ එම ගල් කන්දේ ඉහළ සිට පහළට ලොකු ඉරක් ඇඳි පැල්මක් ඇතිවන ලකුණු දුටු බවයි. ඔහු වහාම ඒ බව ඉහළට දන්වා මාරගයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය. අද රාත්‍රියෙත් පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු දිගටම සිදුවෙයි ඒ සඳහා අලෝක සැපයිමට විදුලි ජනන යන්ත්‍රද ගෙනවුත් ඇත. බැකෝ යන්ත්‍ර 5ක් ද ලොරි 15ක් ද සේවකයෝ 200ක් පමණ ද පස් ඉවත් කිරීමේ කටයුතුවල යෙදී සිටිති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් ගිනිගන්න එක පාරේ වරදක්ද? ඔයාගේ වාහනේ විදුලි පද්ධතිය පරීක්ෂා කරගැනීම ඔයාගේ වැඩක්. පාරේ ප්‍රමිතිය වෙනම කතාවක්. නවත්තලා තියෙන වාහන පවා ගිනිගන්නේ පැට්‍රල් ලීක් සහ විදුලි පද්ධතියේ දෝෂ නිසා (නු)
මැණික් තිබුනා නම් පස්ටික ඇදගන්න තිබුණා (ස)
මැනික් තිබුනා නම් පස්ටික ඇදගන්න තිබුනා (නු)
රණතුංග මහත්තයාගේ ඇගේ දුවන්නේ වෙන පාට ලේ ද? හැම දේටම ජාතිවාදය..!(නු)
ඔබ කල වැඩේ බොහොම හොද වැඩක්
මේ අයගේ අධිවේගී එකත් එයාලගෙ පම්පෝරි කටවල් වගෙ තමයි .(ස)
ඔහුගේ එම ක්‍රියාව අගය කල යුතුයි (ස)
ඔබතුමාගේ නම කියන්න (ස)
චමින්ද, ඇවිත් බලන්න චීනෙට. හොදම අධිවේගී මාර්ග තියෙන්නේ කොහෙද කියලා තේරෙයි. (නි)
පොඩ්ඩක් පරිස්සමින් ඔය පස් ගොඩේ මැණික් තියෙනවා මම හීනෙන් දැක්කා (ස)
ජපන් තාක්ෂණය නේද ?(ස)
ඔයාවගේ දේවල් සිදුවීම් වලක්වන්නට තමයි මේ වගේ නිලධාරියෝ ඉන්නෙ නැතිව නිකං පඩි ගන්න නෙමෙයි.. ?(නු)
එතුමාට හා මෙහි රාජකාරී කර සැමට මාගේ ප්‍රනාමය (ස)
කඩාගෙන වැටිලා තියෙන්නේ වෙන්දේසි කරන්න හදපු ඉඩමක් වගේ (ස)
අප සැමගේ ආචාරය එතුමාට , ඔබ ආදර්ශමත්, ඔබට පින් (ස)
අනතුර කල් තියා දුටු නිලධාරී මහතාට අපේ ආචාරය! මෙවැනි අනතුරුදායක තැන් තවත් තිබේදැයි බලනු වටී. රටේ ධනය වැය කර තැනූ ව්‍යාපෘතියක මෙවැනි අන්තරාදායක තැන් තිබීමත් ගැටඵවක්. ලංකාව වැනි නිවර්තන කලාපීය රටකට වැස්ස දුලබ යැයි හිතුණා වත්ද?(ස)
හයි වේ නොදැක්ක අයට හොඳයි මේවා (ස)
ඕකේ යන්න ගිහින් කාර් එකක් ගිනි ගත්තා... අපි යන අධිවේගී මාර්ගවල නම් ඔහොම අනතුරු නෑ (ස)
ආදර්ශමත් නිලධාරියෙක් (ස)
අද හැම පුද්ගලයෙකුම මේ විදියට සෝදිසියෙන් සිටීම වැදගත් (ස)
වැඩකරන මිනිසුන් හෙල්මට් දාගෙන වැඩ කරනවා.. නිලධරින් හෙල්මට් නැතිව එතනම වැඩ බලනවා.. අපූරු ආදරශය.. අපේ නම් මොන නිලධාරියා ආවත් හෙල්මට් අනිවාර්යයෙන්ම එන්න තහනම්..!(නු)
ඔබ වගේ නිලධාරීන් තව දුරටත් මෙරට බිහි වේවා (ස)
ඔය පටන්ගැනීමක් පමණයි... තව හොද හොද දේවල් එලිවෙන ජාමෙට.. චීන ජාතියන්ට පුළුවංද අධිවේගී මාර්ග හදන්න..!(නු)
අනේ රණතුංග ඔයා එන්නෙ ඇමරිකාව වලද ඔච්චර හිනාවෙන්න අදහස් දාන්නෙ.. පොඩ්ඩක් නැගිලට බලන්න අපේ රටට ඔහොම උනා ඇමරිකාවට වෙච්ච දේ දැක්කද? ජපානෙට වෙච්ච දේ දැක්කාද? ස්වාභාවික විනාශ ඔහොම තමයි..!(නු)
යන ගමන නොයා අනවශ්‍ය කටයුතු වලට මැදිහත්වීම යටතේ දෝෂාභියෝගයක් ගෙනෙන්න ඕනෑ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට විරුද්ධව. පිස්සු වගේ අනේ ....... (නි)
මෙයාලට මැණික් හම්බවේවිද දන්නේ නෑ . එතකොට ඉතින් පාරත් ඉවරයක් වේවි (ස)
අපේ රටේ බොහෝමයක් අනාවැකි කියන්න දක්ෂයි. (ස)
රණතුංගට බනින්න එපා. එයා කියන අධිවේගී මාර්ගය තියෙන්නේ ගෙදර සාලේ සිට වැසිකිළිය දක්වා. එයා හැමදාම හදිස්සියට දුවගෙන යනනිසා ගෙදර අය ඒකට කියන්නේ අධිවේගේ කියලාලු. (නි)
අමිල, දිලංක, සුගත්, රණතඅංග ස්වාභාවිත විපත් මොනවාද කියලා දන්නේ නැති අය බවයි පේන්නේ..!(නු)
සමහර ලොක්කො නොකරපු දේවල්වටත් නම දාගන්න මේ කාලේ ඔබ තුමා නම හෙලි නොකිරීමට උත්සාහ කරන්න එපා.. ඔබ සැබෑ නිලධාරියෙක්.. ඔබට සුභ පතමි...!(නු)
රණතුංග මහත්තයෝ ඔයා දැකලා නැද්ද පිට රටවල අධිවේගී මාර්ගවල වාහන හැප්පෙන්නේ 30 -40 එකට.. (නු)