ඉතාලියේ නාපෝලියේ කමෝරා මාෆියා කල්ලි නායකයකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ නිර්භීත හපන් කමක් කළ මියගිය වෙන්නප්පුවේ සුමිත් ජෝසප් ප්‍රනාන්දුගේ (33) බිරියට ඉතාලි පොලීසිය සම්මානයක් පිදීමට සැරසෙයි. සන්නිවේදන හල් දෙකක අයිතිකරු වූ සුමිත් ඔහුගේ දරු පවුලට එල්ල වූ මරණීය තර්ජන නිසා දිවි තොර කර ගත්තේය. එහෙත් ඊට පෙර මාෆියා සාමාජිකයන් පොලීසියට අල්ලාදීමට ඔහු ඉදිරිපත් විය. නවීන සන්නිවේදන උපකරණ ඇඟේ සඟවාගෙන ඔහු මාෆියා නායකයකු හමුවීමට ගියේ කප්පම් දෙන මුවාවෙනි. ඔහුගේ මෙහෙවර සාර්ථක විය. මාෆියා නායකයකු ඇතුළු පස් දෙනෙක් දැන් රිමාන් කරනු ලැබ සිටිති. මීට පෙරද ඔහුගේ එඩිතර ක්‍රියා අගයමින් ඉතාලි පොලීසිය ඔහුට සම්මානයක් දී ඇත. මාෆියා කල්ලිවලින් එල්ලවන තර්ජනවලින් ඔහුට ආරක්ෂාව සැළසීම සඳහා ඉතාලි රහස් පොලිස් නිලධරයෝ කිහිප දෙනෙක් ඔහු ආ ගිය තැන්වලට ගියහ. එහෙත් ඒ බව ඔහු නොදැන සිටියේය. සුමිත්ගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙන යාමේ සියලු වියදම් නාපෝලි නගර සභාවෙනි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගා, සම්මානයත් රැගෙන ඉක්මණින් ගම රට බලා පැමිණෙන්න. (නි)
මෙච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි මොන එහෙකටද ජීවිතය නැතිකරගත්තේ (ස)
ලැබෙන සම්මානයට ලාංකිකයන් විදියට අපිට සතුටුයි. ඒත් නගෝ පරිස්සමින් (ස)
දැන් මොනවා කරත්, දුන්නත් වැඩක් නෑනේ (ස)
ලෙඩා මළත් බඩ සුද්දයි.. මේ මරණයට වෙන කාරණාවක් ඇති (ස)
සන්තෝසයි (දී)
මොනවා ලැබුණත් මොකද එයා මිය ගිහිං නේ..!(නු)
අපේ අය හොඳයි.ලංකාවෙදි සම්මාන හම්බවෙයිද දන්නැ(නු)
මොන නිර්භීත කමක්ද දිවිනහ ගන්න එක . (ස)
ඔබටනිවන් සුව (දී)
ලංකාවේ කොල්ලෝ ඔහොමතමයි (දී)
ජයවේවා (දී)
අගය කල යුතු වැඩක් (දී)
මෙයා මෙච්චර නිර්භීත කෙනෙක් නම් මරණය මාෆියා කල්ලියක සැලසුමකින් කළ දෙයක් වෙන්නත් පුළුවන්, සිය දිවි නසාගැනීමක් වගේ පෙනෙන්න. (නි)
මාෆියා එකත් එක්ක පොලිසිය සම්බන්ධ ඇති. ඒ නිසා සිය දිවි නහගන්න ඇති. (නි)
මටනම් පේන්නේ මහ බය ගුල්ලෙක් කියලයි (ස)
මෙච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි මොන එහෙකටද ජීවිතය නැතිකරගත්තේ. දැන් මොනවා දුන්නත් වැඩක් නෑනේ. (නි)