IMG-LOGO

නිර්භීත ලාංකිකයාගේ බිරියට ඉතාලි සම්මානයක්

ඉතාලියේ නාපෝලියේ කමෝරා මාෆියා කල්ලි නායකයකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ නිර්භීත හපන් කමක් කළ මියගිය වෙන්නප්පුවේ සුමිත් ජෝසප් ප්‍රනාන්දුගේ (33) බිරියට ඉතාලි පොලීසිය සම්මානයක් පිදීමට සැරසෙයි. සන්නිවේදන හල් දෙකක අයිතිකරු වූ සුමිත් ඔහුගේ දරු පවුලට එල්ල වූ මරණීය තර්ජන නිසා දිවි තොර කර ගත්තේය. එහෙත් ඊට පෙර මාෆියා සාමාජිකයන් පොලීසියට අල්ලාදීමට ඔහු ඉදිරිපත් විය. නවීන සන්නිවේදන උපකරණ ඇ‍ඟේ සඟවාගෙන ඔහු මාෆියා නායකයකු හමුවීමට ගියේ කප්පම් දෙන මුවාවෙනි. ඔහුගේ මෙහෙවර සාර්ථක විය. මාෆියා නායකයකු ඇතුළු පස් දෙනෙක් දැන් රිමාන් කරනු ලැබ සිටිති. මීට පෙරද ඔහුගේ එඩිතර ක්‍රියා අගයමින් ඉතාලි පොලීසිය ඔහුට සම්මානයක් දී ඇත. මාෆියා කල්ලිවලින් එල්ලවන තර්ජනවලින් ඔහුට ආරක්ෂාව සැළසීම සඳහා ඉතාලි රහස් පොලිස් නිලධරයෝ කිහිප දෙනෙක් ඔහු ආ ගිය තැන්වලට ගියහ. එහෙත් ඒ බව ඔහු නොදැන සිටියේය. සුමිත්ගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙන යාමේ සියලු වියදම් නාපෝලි නගර සභාවෙනි.



අදහස් (0)

නිර්භීත ලාංකිකයාගේ බිරියට ඉතාලි සම්මානයක්

ාඵරාංගනී Thursday, 06 December 2012 07:49 PM

නගා, සම්මානයත් රැගෙන ඉක්මණින් ගම රට බලා පැමිණෙන්න. (නි)

:       0       0

දයා Thursday, 06 December 2012 02:39 PM

මෙච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි මොන එහෙකටද ජීවිතය නැතිකරගත්තේ (ස)

:       0       0

සිසිල් Thursday, 06 December 2012 02:44 PM

ලැබෙන සම්මානයට ලාංකිකයන් විදියට අපිට සතුටුයි. ඒත් නගෝ පරිස්සමින් (ස)

:       0       0

ලලිත් Thursday, 06 December 2012 02:51 PM

දැන් මොනවා කරත්, දුන්නත් වැඩක් නෑනේ (ස)

:       0       0

කෝලිත Thursday, 06 December 2012 10:01 PM

ලෙඩා මළත් බඩ සුද්දයි.. මේ මරණය‍ට වෙන කාරණාවක් ඇති (ස)

:       0       0

පිටිගල Thursday, 06 December 2012 10:12 PM

සන්තෝසයි (දී)

:       0       0

කමල් Thursday, 06 December 2012 03:05 PM

මොනවා ලැබුණත් මොකද එයා මිය ගිහිං නේ..!(නු)

:       0       0

ජානක Thursday, 06 December 2012 03:11 PM

අපේ අය හොඳයි.ලංකාවෙදි සම්මාන හම්බවෙයිද දන්නැ(නු)

:       0       0

කුමාර Thursday, 06 December 2012 03:27 PM

මොන නිර්භීත කමක්ද දිවිනහ ගන්න එක . (ස)

:       0       0

අනිල් Thursday, 06 December 2012 03:47 PM

ඔබටනිවන් සුව (දී)

:       0       0

මාධව Thursday, 06 December 2012 03:47 PM

ලංකාවේ කොල්ලෝ ඔහොමතමයි (දී)

:       0       0

චමිත් Thursday, 06 December 2012 03:59 PM

ජයවේවා (දී)

:       0       0

ප්‍රවීන් Friday, 07 December 2012 03:19 AM

අගය කල යුතු වැඩක් (දී)

:       0       0

කිත්සිරි Thursday, 06 December 2012 05:00 PM

මෙයා මෙච්චර නිර්භීත කෙනෙක් නම් මරණය මාෆියා කල්ලියක සැලසුමකින් කළ දෙයක් වෙන්නත් පුළුවන්, සිය දිවි නසාගැනීමක් වගේ පෙනෙන්න. (නි)

:       0       0

සමන් Thursday, 06 December 2012 05:32 PM

මාෆියා එකත් එක්ක පොලිසිය සම්බන්ධ ඇති. ඒ නිසා සිය දිවි නහගන්න ඇති. (නි)

:       0       0

තුෂාර Friday, 07 December 2012 07:50 AM

මටනම් පේන්නේ මහ බය ගුල්ලෙක් කියලයි (ස)

:       0       0

චාන් Thursday, 06 December 2012 06:38 PM

මෙච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි මොන එහෙකටද ජීවිතය නැතිකරගත්තේ. දැන් මොනවා දුන්නත් වැඩක් නෑනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 51 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 232 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site