කේරල ගංජා කිලෝ පහළොවක්  කාන්තා නයිටි අස්සේ  සඟවාගෙන  තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ආ මාතලේ රෙදි වෙළෙන්දෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ(20)  අත්අඩංගුවට ගනු ලැබීය.කේරලයෙන් ගෙන ආ වැඩිම ගංජා තොගය මෙයයිගනියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන  සහ සමන් වීරකොන් මහත්වරු වැටලීම කළහ.