දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායගිය කන්දට ස්ථිර පිළියම් යොදන තුරු මීටර් 200ක් දිගට මීටරයක් පළලට තාවකාලික පස් බැම්මක් ඉදිකරන ලෙස මොරටු සරසවියේ භූවිද්‍යාඥයෝ උපදෙස් දුන්හ. ඉවත් කළ පස් මලුවලට පුරවා එම බැම්ම ඉදිකිරීමට නියමිතය. එම ප්‍රදේශය අනතුරු සහිත ප්‍රදේශයක් බව වාහන වලට දැන්වීමට සේවකයන් යොදවන ලෙස ද ඔවුහු උපදෙස් දුන්හ. මෙම කන්දේ පැල්ම මුලින්ම දුටු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු ආර් ඒ බී කහටපිටිය මහතා පැවසුවේ පාර දෙපස නිරතුවම සෝදිසි කිරීම තම සිරිතක් බවයි. මොරටු සරවියේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය කුලතිලක කියා දුන් පාඩමක් අනුව එම පියවර ගත් බවත්, ඒ නිසාම කළින් අනතුරු අඟවා ජීවිත විනාශය වලක්වා ගැනීමට හැකිවූ බවත් ඔහු කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ අය මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
කන්දෙ පැල්ම මුලින්ම දැක්කෙ මෙයාද? ඉතින් දෙයියනේ මොකද නම හෙළිකරන්න අකමැතියි කියල කලින් කියලා, දැන් නම හෙළි කළේ. උසස්වීමක්වත් ලැබෙයි කියල හිතුවද? මොනව උනත් ඔබ වගකීමක් දරන්න සුදුසු නිළධාරියෙක්.ඔබේ සේවයට මගේ ආචාරය! (ස)