නාගයකු ළඟ තබා ගත්තේ යැයි කියන නිරෝෂා විමලරත්න රාත්‍රී සමාජ ශාලා නළඟනට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය. මෙම නළඟන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා පැවැසුයේ නාගයකුට හිරිහැර කිරීම ඇතුළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. පොලිසිය කියා සිටියේ නාගයකු ළඟ තබා ගැනීම සත්ව හිංසා පනත යටතේ වරදක් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙනවා මේවා දකිනකොට. (නි)
පෙන්නාලා උඹේ වැඩ නටපන් නටපන් නයිහාමි.... (නි)
එක නයයි- නළඟනයි - නීතිඥවරුයි- නඩුකාරතුමයි - පොලිසියයි..... අනේ මන්දා? මේවා කවදා අවසන් වේවිද? (නි)
බල්ලන්, බළලුන් කියන්නෙත් ඉතිං ගෘහස්ත සතුන්නේ. (නි)
ඔච්චරටම ඉල්ලන එකේ ඔය නයා දීලා දැම්මා නම් ඉවරනේ. (නි)
මැයට සත්ව හිංසනය යටතේ දඩුවම් කරන්නේ නම් එය කිසිසේත් සාධාරණ නොවෙන බවයි මගේ හැගීම. සතෙක් ආදරයෙන් බලාගනේ නම් එය කෙසේද හිංසනයක් වෙන්නේ? එසේ නම් ගෙවල් වල කූඩුකර ඇතිකරන ගිරවු ,මයිනන් සැළලිහිණියන්, පරෙවියන් ආදී අනෙකුත් සතුන් හිංසනයට ලක්නොවන්නේද? එවැනි සතුන්ද වහා නිදහස් කළයුතු නොවන්නේද? බිළිපූජාවන්ට හා මසට දහස්ගණන් මරන සතුන්ගේ සත්ව අයිතිවාසිකම් ගැන කුමන කථාද? විෂකුරු සතෙකුගෙන් එම තැනැත්තියටත් අනෙක් අයටත් මරණීය තත්වයකට මුහුණ දියහැකි අවදානම් සහගත තත්ත්වය සළකා සත්වයා ඇගෙන් ඉවත්කරන්නේ නම් තීන්දුව සාධාරණීකරනය කළහැක. එහෙත්....??? (නි)
මම කලිනුත් කිවුවනේ, මේ නයාව මේ ළමයාට අවශ්‍යයි කියලා. (නි)
මේ ගෑණු ළමයා කැමති නයින්ට විතරමද? සර්පයෝ තව කොච්චර ජාති ඉන්නවද? (නි)
දැන් කසාදයක් ගැන හිතන්න නංගී. නයා අමතක කරන්න. (නි)
අහිකුණ්ඨිකයින්ටත් ප්‍රශ්නයක් වෙයිද මන්දා? (නි)
හැමෝටම නයින් එක්ක නටන්න බැහැ. ඒක විශේෂ හැකියාවක්. ඒ නයා ඒ ළමයාට දෙන්න. (නි)
දැන් එතකොට තියෙන ලොකුම ප්‍රශ්නය නයාද? (නි)
එතකොට පොලිසියෙ කට්ටිය අස්සයො පිට නැගලා නගරයෙ සැරිසැරීම සත්ත්ව හිංසාවක් නෙමෙයිද? (නි)
නළඟන දැන් සෑහෙන්න ප්‍රසිද්ධයි. (නි)
මේකේ ඇත්ත සමහරවිට වෙන දෙයක් වෙන්නත් පුළුවන්. (නි)
පොලිසියත් මොනවා කරනවද මන්දා? (නි)
පොලිසිය බොරුවටනේ මේ දගලන්නේ. නැද්ද මම අහන්නේ. (නි)
ඉස්සරහට සත්තු ඇති කරන්නත් බලපත්‍ර ගන්න වෙන නීතියක් එයිද මන්දා? (නි)
ඒක ඒයාගේ කැමැත්ත. පවු ඒ ළමයාගේ සතුටට බාධා කරන ඒක හරි නෑ නේද ? (ස)
අනේ, අපේ පොලිසිය දන්න තරම. නයා ළඟ තබා ගත පමණින් එය සත්ත්ව හිංසා පනත යටතේ වරදක් වෙන්නේ නෑ, නයාට හිංසාවක් වී නොමැති නම්. එම පනතෙම මාළුවෝ, කුරුල්ලෝ ගැනත් සඳහන් වෙනවා, එතකොට මාළු ඇති කිරීමත් වරදක්ද? කුරුල්ලෝ ඇති කිරීමත් වරදක්ද? (ස)
එතකොට සත්තු වත්ත නීත්‍යනුකූලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
දෙයියෝ සාක්කි
අපේ ගෙදර හූනෝ , කැරපොත්තෝ, මීයෝ ඇති කරනවා. පොලීසියෙන් නඩු දාවිද දන්නේ නෑ (ස)
කතාව ඇත්ත
රට තුළ විශේෂ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙනවා නේද? (නි)
පොලොසියත් දන්නා දේවල්, එතොකොට අර නයි නටවල බඩවියත රැකගන්න අය මොනවද කරන්නේ ?? (ස)
අපෝ! පොලිසිය ගැන මට නම් ලැජ්ජයි. (නි)
අනේ මේ, වෙන වැදගත් වැඩක් නැද්ද? ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)
පොලිසියේ ඇත්තෝ නයි නටවන්න හදනවාවද්ද? ඔන්න ඕකව දීලා දාන්න. (නි)
පොලිසියටත් මොනවා වෙලාද මන්දා? (නි)
අයියෝ! මේ ළමයා ළග තියාගෙන හිටියේ නයෙක් මිසක් වෙන මුකුත් නෙමෙයිනේ. (නි)
සත්ත්ව හිංසාව වරදක් බව ඒ අයත් දන්නවා එහෙනම්? (නි)
අනේ, ඔන්න ඕක අත්හැරලා දාන්න. (නි)
නයි නළගනක් වුණහම එයාට නයෙක් ඉන්න එපායැ. (නි)
ඒ ගෑණු ළමයට නයාව දීලා දාන්න. (නි)
එහෙනම් ඉතින් අනිත් වරද කරුවනුත් අල්ලන්න (ස)
ඔය නයා ඒ නංගිට දීලා දැම්මා නම් ඉවරයිනේ. (නි)
ඔන්න ඕක දීලා දාන්න. (නි)
එයාට දඩයක් ගහලා මේ නඩුව අවසන් කළා නම් ඉවරයිනේ. (නි)
එහෙම නම් ඉතිං බල්ලෝ, බළල්ලු අයිතිකාරයින්ටත් උන්ව ළග තියාගන්න බැහැනේ. (නි)
ඔය නයාව දීලා දාලා යමුකෝ කහවත්ත පැත්තට. (නි)
මෙච්චර අපරාධ වෙන රටේ නයෙක් අල්ලාගෙන දගලනවා. තව ටික දවසකින් ගෙදර හදන බල්ලාට පුසාටත් නඩු දායි. (නි)
එහෙනම් ඔය සිංහල වෙද්දු ළග ඕනෑතරම් ඉන්නේ සර්පයෝ. අහිකුණ්ඨිකයින්ටත් වෙනමම නීතියක් ගේන්න වෙයිද මන්දා? (නි)
නයා මරුණාට පස්සෙත් මේ නඩුව යයි වගේ. (නි)
සත්තු ගැන ඔච්චරටම අනුකම්පාසහගත නම් ගව ඝාතකාගාර ටික වටළන්නකෝ. (නි)
එහෙනම් පොලිසි වලත් පොලිස් බල්ලෝ ඉන්නේ? (නි)
එක එක්කෙනාගේ කැමැත්ත එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ නයාව දෙන්න. (නි)