
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජනවාරි 29 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (07) නියම කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් සිහිකැඳවීමේ ලිපියක් යොමු කරන ලෙසට නියෝග කරමින් පැමිණිල්ල ජනවාරි මස 29 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය .
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි
kasun Thursday, 07 August 2025 12:45 PM
ඇත්තටම නාමල් රාජපක්ෂලා හොරකම් කලා නම් එවා හොයන්න ඕනෑ හැබැයි මේ මිනිස්සු හිඟන්නෝ නෙමෙයි නේ මේ කෝටි එකහමාරක් වත් නැති වෙන්න තරම් ගමේ සිල්ලර කඩයක් කරන මිනිහෙක්ටත් වත්කම් බැලුවොත් ඔයිට වඩා තියෙනවා
පොඩිඑකාThursday, 07 August 2025 04:17 PM
අනේ කසුන්, මේගොල්ලන්ට කොච්චර සල්ලි තිබුනත්, බලුබෙට්ටෙ තියෙන සත දහය, දිවෙන් ගන්න ජාතියෙ අයියලා.
දිනේෂ් Thursday, 07 August 2025 04:05 PM
දේශපාලනයට එන්න කලින් හිඟන්නෝ, ආවාට පස්සෙ පෝසත් වුනේ. කොහොමද එහෙම වුනේ කියලා හොයන්න ඕනෑ.
පිටරැටියා Thursday, 07 August 2025 04:17 PM
දූෂිත පවුල් පාලනේ හැම එකෙක්ම මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ කියලා ලෝකෙම දන්නවා .ඇමරිකාවෙත් ඉන්නවා එහෙම කෙනෙක්? සාටකයෝ ආර්තික ගාතකයෝ පට්ට හොරු කියලා අදිකරණයෙන් පවා වරදකරවන් වෙච්ච් උන් ?