රුපියල් 15000ක් අයකර ගබ්සා සිදුකරන මධ්‍යස්ථානයක් වටලා හොර වෛද්‍යවරයකු, ඔහුගේ බිරිය හා පුතා ද ගබ්සාව කර ගැනීමට ආ දෙදරු මවක ද ඇතුළු හත් දෙනෙක් බෙලිඅත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බෙලිඅත්තේ විස්කම්පුර පිහිටි මෙම මධ්‍යස්ථානයෙන් දවසකට ගබ්සා හතරක් පමණ සිදුකරතියි පොලිසිය කියයි. බෙහෙත් කලවම් කරන්නකු බව කියන හොර දොස්තර සමග පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක හෙදියක බව කියන කතකද හවුල් වී ඇතැයි ද කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහගහන අපරාධ , වැඩි කාලයක් ඕවා කරන්න බෑ . සොබා දහම ඕවට විපාක දෙනවා (ස)
ලෝකයේ දරුණුම මිනිස්සු ඉන්නේ මෙහේ , දරුවන්ට දැන් මව් කුසත් අනාරක්ෂිතයි , මෙය තරයේ හෙලා දකිමි (ස)
තවත් ආශ්චර්‍යයක් (ස)
කරුම කරගන්න හැටි
ඔත්තුව දුන් අයට හා වැටලීම කර අයට අපගේ ප්‍රණාමය (ස)
මේ වගේ දේවල් වෙන්නේ මේක නීත්‍යනුකුලව කිරීමට අවසර නො දීම නිසයි. ගබ්සාව කර ගැනීමට ආ කෙනා දෙදරු මවක්. මේ මනුස්සයට මේක රෝහලකින් කර ගැනීමට ඉඩ තිබුන නම් බෙහෙත් කලවම් කරන්නකු බව කියන හොර දොස්තර කෙනෙක් ලඟට යන්නේ නැහැ. ඇයි මේක තේරුම් ගන්න බැරි. (ස)
පව්කාරයෝ .තියෙන ආමාරුවට ළමයි හඳලා ළමයි මරලා දානවා. ආයෙත් මනුස්ස ආත්මයක්නම් ලැබෙන එකක් නෑ (ස)