(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය අග්‍රගන්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියගේ අවසන් කටයුතු සෙනසුරාදා (22)සවස 5ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.

නන්දා මාලිනියගේ දේහය හෙට (21)පෙරවරු 10 සිට අංක 30, විජයබා මාවත,නුගේගොඩ ,නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කෙරෙනු ඇත.

දේහය රැගත් අවමංගල්‍ය පෙරහර සෙනසුරාදා (22) සවස 3.30ට පිටත්වේ.

නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කරන ලද ඉල්ලීමට අනුව ගුණ කතන හෝ අවමංගල්‍ය උත්සව කිසිවක් නොමැතිව අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.