ශ්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප්‍රාර්ථනා කරන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි්රතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සඳහන් කරන්නීය.
බි්රතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් කොළඹ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි’’.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ උදවිය යටි හිතින් සන්තෝෂ වෙනවා ඇති... ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඒ අයගේ වගකීමෙන් ගැලවීම ගැනයි.
ඔබගේ පාලනය කාලේ තමයි මිනිසුන්ට සතුට, වාසනාව තිබුනේ.. රැජිනට පුලුවන්නම් ඇවිත් වෙස් වලාගෙන ඇවිත් යන්න..., රටට වෙලා තියෙන හෙනය බලන්න. ඉස්සර තිබුණු ලස්සනට දැන් තියෙන්නේ. හුස්ම ගන්න බැරිව, සතුට වෙනුවට මරණ තර්ජන, අතුරුදහන්, දූෂණ, වස විස පිරුණු රටක්... නීතිය බල්ලට ගිය රටක්... අපේ රට නැවත. ගොඩ ගන්න පුළුවන් සුද්දට විතරයි. මුදලට, කෑමට ගිජු නැති නිසා. පුළුවන් නම් අපේ රටට නීතිය රජ කරවන්න. මේ නිදහස් දිනයේදී මුදල් තිබුණොත් පමණයි අව නීතියට පිටුපාන්න පුළුවන්...
මොවුන් අපේ භික්ෂූන්වහන්සේලා ඇතුළු ජාතික වීරයෝ මරලා මරලා සුබ පැතුවට ඒ පාපයෙන් ගැලවීමක් නෑ.. ඒකනේ මොවුන් ඇතුළු මේ රටවල මිනිසුන්ගේ පවුල් සීසී කඩ ඉන්නේ...
මහා රැජිනියනි, බැරිද ඔබට අපේ රට නැවත වරක් යටත් කරගෙන පාලනය කරන්න? අර 225 ගේ දේපල රාජසන්තක කර මුරුසියට පිටුවහල් කරමු.
සුද්දෝ තුවක්කු බලයෙන් අල්ලගත්තු සැමරටක්ම වනසල ගියේ,මැද පෙරදිග ගිනි තිබ්බේ කව්ද ලෝකෙම දන්නවා .මොවුන්ගේ කලුසුදු බේදය නිසා කුඩා දරුවන් පාසල් වල ලබන තද පීඩන නිසා අපේ රටට යන් කියල හඬ වැටෙනවා
සුද්දෝ මේක දාලා ගිහින් දැන් අවුරදු 70ක්. එ්ත් අපේ එවුන්ට බැහැ මේක ගොඩදාන්න. සමහරු සුද්දට බනිනවා සමහරු සුද්දට මේක අායෙත් ගන්න කියනවා. මෙතන තියෙන්නේ අපේ නොහැකියාව. අපේ දීනකම නව ලෝකෙට යන්න අපිට බැරිකම. අපි පිළිගන්න ඕනේ අන්න එ්ක. හුඟ දෙනෙක් කියන්නේ සුද්දෝ මේක ඇල්ලුවේ නැත්නම් අපි හරි දියුණු ජාතියක්ලු. මින්සාගේ පරම ගතිය අනෙක පරයා යාම, එතන තමයි ලෝකේ දියුණුව (භෞතික දියුණුව) පරිණාමේ තියෙන්නේ. එ්ක තේරුම් ගනිල්ලා. මුලින්ම තේරුම් ගන්න මේ රටේ ඉන්නේ ඔලුව තියෙන එවුන් 5%. අනිත් එවුන් ගොබ්බයින්ම තමයි..
අපි කවුරුත් නොදන්නා පරම සත්‍ය තමයි මේ ලෝකය පාලනය වන්නේ පවුල් කිහිපයක්ම ගිනි, ලොව සියලු ආයතන , මහා බැංකු ඇතුළු සියලු මුල්‍ය ආයතන ඔවුන් යටතේ පාලනය වේ. ඔබේ සිතුම් පැතුම් ඔබ අඳින පළදින දේ කන බොන දේ තීරණය කරන්නේ ඔවුන්ය , එනම් රෝත්ස්චයිල්ඩ් , රොකිෆිලර් , මෝර්ගන් , ඩුපොන්ටි, වතිකානුව සහ එංගලන්ත රජ පවුලයි. ඇෆ්ගනිස්ථානය, ඉරානය සුඩානය, ලිබියාව උතුරු කොරියාව යන රටාව ල හැර අන් සියලු රටවල මහා බැංකු රෝත්ස්චයිල්ඩ් පවුල සතුයි. බොරුනම් සොයා බලන්න, ඔබ අප සියලුදෙනා නුතන වැඩවසම් ක්රමයේ දැතිරෝද පමණි. රෝත්ස්චයිල්ඩ් පිරමිඩය නමින් අන්තර්ජාලයේ හෝ පුස්තකාලවල සොයා බලන්න
ඔවුන් අපිට හරියට නිදහස දුන්නා කිව්වට එහෙම වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ... ඔවුන් නිදහස දුන්නා නම් ඔවුන්ගේ වතුවල සේවයට ගෙනා කම්කරුවනුත් ඉවත්කර ගන්න ඕනෑනේ. එහෙම වුනේ නැහැ. අනෙක මම හිතන්නේ ලෝකයේ තවම කොටි සංවිධානය තහනම් කරපු රටවල් තියෙනවා කියලා.. නමුත් රැජිනගේ රටේදි කොටින්ට විරුද්ධ වුණු තානාපති කාර්යාලයේ නිලධාරියාට නඩුදමලා. සාමාන්‍යයෙන් තානාපති කාර්යාල නිලධාරීන්ට එහෙම කරන්න බැහැනේ... අනේ මුන්දැගේ සුබපැතුම් !!!
නැවත මේ රට යටත් කර ගන්න බැරිද? අනේ කරනවා නම් ලොකු දෙයක්..?
සුද්දාගෙන් නිදහස් වුණා කියලා අපට දියුණුවක් නම් සිදුවුනේ නැහැ. සුද්දගේ කාලේ ලැබූ දියුණුවත් නැත්තටම නැතිවුණා නිදහසින් පස්සේ...