(සුජිත් හේවාජුලිගේ)
ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි.
නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි.
මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.
ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බව ද සඳහන් කළේය.
නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුණු අතර නිදහස් උත්සවයේදී පිළිගැනීමට ලක්වන ප්‍රමුඛතා ධුරාවලිය එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතාගේ නම සඳහන් නොවුණු බව ඒ පෙරහුරුවට සහභාගිවූ පිරිසක් පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ පිළිබඳව දැන්ම තමාට යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නං අසාධාරණයි. ෆොන්සේකා මහතා දැන් දේශපාලනයෙන් අයින් වෙලා විශ්‍රාම ජීවිතය ගතා කළා නං හොඳයි. මේ රටේ සුදුස්සන්ට සුදුසු තැන නැහැ. අරන්තලාවේ භික්ෂු ඝාතනවලට සම්බන්ද කරුණාට නියෝජ්‍ය ඇමතිකම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය දුන් අපේ රටේ පාලකයන්, රට බේරාගත්තු ෆොන්සේකා මහතාට නිසි තැන නැත.
ලැජ්ජ නැද්ද පිළිගැනීම්, ගෞරව බලෙන් ලබාගන්න...?
ලෝකය පුරාම නිලතල වලට ගරු කළාට, අපේ රටේ ගරුකරන්නේ, මදාවිකමටයි මහත්තයෝ. ඒ නිසා, ඔය සංදර්ශනවලට වඩා ගෙදරට වෙලා තමන්ගේ වැඩක් කරගන්න... එ්ක රටට යහපතක්...
දමිල ඡන්ද ලබාගැනීම සඳහා ඒක්සත් ජාතික පක්ෂය විසින් කරනු ලබන ක්‍රියාවකි.
ඔව්...!!! අලුත්ම කතාවේ හැටියට තැනින් තැන හැංගි හැංගි අන්තිම දවස්වල යුද්ධ කරලා රට බේරාගත්තේ ආප්ප කෑව කෙනාලුනේ... ඉතින් තවත් ෆොන්සේකා මොකටද?
කොහෙද නිදහස් උළෙලක් තියෙන්නේ? ලංකාවේ නම් වෙන්න බෑ. මොකද ලංකාවේ තියෙන්නේ ජාතික උත්සවයක්... ඒකට ඔය වෙල්විදානෙලා, ග්රාමසේවකලා වගේ කට්ටියකට ආරාධනා කළාම ඇතිනේ...
ෆීල්ඩ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලුදෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බවද සඳහන් කළේය. හැබැයි ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලැබීමට ලෝකය පුරා ක්‍රියාත්මක වන නිර්යාතක සලකා බැලුවේ නම් වෙල්විදානේ කමක් මිස ෆීල්ඩ් මාර්ෂල් කමක් නොලැබෙන බව මමවත් මතක් කරන්නම්...
අනේ හැබෑට මේකත් ප්‍රවෘත්තියක්ද?
අපොයි ! රජෙක් වගේ ඉන්න තිබුණු මනුස්සයා... බල ලෝභය නිසා කෙළවුනා !!
ගෞරව නාමයක් ලැබීමටත් වාසනාවක්... ඒ වගේම එය ආරක්ෂා කරගැනීමත් ඔහුගේ යුතුකමක්...
මෙතුමා වැඩ්ඩෙක් වුණත් දේශපාලනයට හරියන්නේ නැහැ...
බොහෝ දෙනෙකුට කුරිරු යුදසමය අමතක වූවාට, මොහු වසර 30ක් පැවති යුද්ධය නිම කිරීමට දුන් නායකත්වයට ගරු කිරීමක් ලෙස, ඔහුට ෆීල්ඞ් මාර්ෂල් ධුරය පිරිනැමීමේ වරදක් නැතැයි සිතමි. කෙසේවෙතත්, මෙවැනි උළෙලකට ආරාධනා පත්‍රයක් නොලැබීම සියලු දේ අවසානය නොවන බැවින්, එයට සහභාගි නොවුණාට ප්‍රශ්නයක් නොමැත.
ඔබට අපි ගරු කරනවා. යුද්ධයේ සැබෑ නායකත්වය දුන්නේ ඔබයි. ඒත් එදා පල්හොරු රැලක්ම ඒකට දමාගෙන.. ඔබ දේශපාලනයෙන් ඉවත් වෙන්න. ඔබට සියල්ල ගරු කරාවි පල් හොරු හැර. ඔය නිදහස් උත්සවයත් මෛත්රීපාලගේ අනික් වැඩ වගේමයි. කොහොමත් ජනාධිපති ලෙස එයාගේ අවසන් නිදහස් උත්සවය නිසා ඔය වගේ බාල වැඩ කරයි. ආයි නායකත්වයට පළාතකටවත් එන්න එයාට බැහැ.
මාධ්‍යවේදීන් අමානුෂික ලෙස ඝාතනය කළඅයට සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොකරන රටේ මොන නිදහස් දිනද?
ඔබතුමා අපේ කාලයේ කැප්පෙටිපොල... නමුත් ඔබතුමා දේශපාලනයට ගිහිල්ලා සියලුම ගෞරව නැතිකරගත්තා. හමුදාවෙන් අයින්වෙලා දේශපාලනයට නොගිහින් විශ්‍රාම සුවයෙන් හිටියානම් මොනතරම් හොඳද?
මේක නං අසාධාරණයි. ෆොන්සේකා මහතා දැන් දේශපාලනයෙන් අයින් වෙලා විශ්‍රාම ජීවිතය ගතා කළා නං හොඳයි. මේ රටේ සුදුස්සන්ට සුදුසු තැන නැහැ. අරන්තලාවේ භික්ෂු ඝාතනවලට සම්බන්ද කරුණාට නියෝජ්‍ය ඇමතිකම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය දුන් අපේ රටේ පාලකයන්, රට බේරාගත්තු ෆොන්සේකා මහතාට නිසි තැන නැත.
විශිෂ්ටතම පුත්ගලයෙක්... නමුත් අද? දුකයි දේශපාලනයෙන් වල්මත් වෙලා...
මේ වගේ කෙනෙකුට කැපිලි දාන එක නම් එතරම් හොඳ නැහැ.
විකාරනේ...!!!