ඌවපරණගම බෙරලියගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ චෛත්‍යයේ ධාතුගර්භය හාරා නිධන් සෙවූ සොර කණ්ඩායමක් කොත්වහන්සේ ගලවාගෙන ගොස් ඇතැයි උවපරණගම පොලීසිය කියයි. හීල් දානය රැගෙන ආ පිරිසක් චෛත්‍ය වන්දනාවට යද්දී මේ බව දැක විහාරාධිපති හැතැක්මේ අරියධම්ම හිමිට දන්වා ඇත.