IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි

කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනුයේ හුදෙක් නීතීමය අවශ්‍යතාවක් මත යැයි ද, අනෙක් පාර්ශ්වයට ද ඇහුම්කන් දීමේ ඉඩ කඩ සලසා දීමේ නීතිමය සංකල්පය අනුව යැයි ද අභියාචනාධිකරණ විනිසුරුවරු ප්‍රකාශ කළහ. ඔවුන් එසේ ප්‍රකාශ ක‍ළේ කතානායක මීට කළින් කළ එවැනි තීරණයක් උපුටා දක්වමිනි. ඒ තීරණයේ දැක්වෙනුයේ තමාට හා තේරීම් කාරක සභා කමිටු සාමාජිකයනට උසාවියෙන් නිකුත් කළ නොතීසි වලංගු නොවන බවයි. එයින් කිසිම නීතිමය ප්‍රතිවිපාකයකට තමා හෝ කමිටුව ලක් නොවන බවයි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම විභාග කර අවසන් වන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවත් පියවරක් නොගනු ඇතැයි ද, පෙත්සම්කාරියගේ අයිතිවාසිකම්වලට හානියක් නොකරන ලෙස අදාල බලධරයන් උපදෙස් දිය යුතු යැයි ද, එම තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් එයින් අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට හැකියැයි ද ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම ජනවාරි 3 වැනි දිනට කල් දමමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය. තමා වැරදිකාරිය කරමින් දෝෂාභියෝගය කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුව අහෝසි කරන ලෙස සර්ෂියොරාරි ආඥාවක් හා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය මේ පෙත්සමෙන් ඉල්ලා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 විධි විධාන යටතේ එසේ කරන ලෙස ද ඇය ඉල්ලා සිටී.  



අදහස් (0)

නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි

හේරත් Friday, 21 December 2012 04:12 PM

ඉල්ලන් කනවා වගේ වැඩක්නේ (ස)

:       0       0

ප්‍රසන්න Friday, 21 December 2012 04:41 PM

දැං කලින් සැරයක් කිව්වා ‍නේ කථානායකට ‍‍නොතීසි නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැහැ කියලා.. (නු)

:       0       0

රත්න Friday, 21 December 2012 04:48 PM

යමු, යමු. (නු)

:       0       0

මුනා Saturday, 22 December 2012 08:13 PM

තවම ඉවර නැහැ නේද (දී)

:       0       0

නිමල් Friday, 21 December 2012 05:00 PM

ලොව සිටින ඕනෑම මිනිසෙක් නීතියට අවනත විය යුතුයි. එසේ නොවන්නේ නම් එම රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳ වැටී මුළු සමාජයම වියවුල් මෙන්ම විස්වසනීයත්වය ද පළුදු වේ. එහෙත් නීතිය පසිඳලීම හෝ තීන්දු තීරණ පිළිබඳ මතබේද තිබිය හැකිය. ඩයිසිගේ නිර්වචන අනුව සමාන වූවනට නීතිය සමානව යෙදිය යුතුය. (නු)

:       0       0

සනත් Sunday, 23 December 2012 12:06 AM

උත්තරීතර වන්නේ ව්‍යවස්ථාවයි. පාර්ලිමේන්තුවේ කමිටුවකට, ව්‍යවස්ථාවට ඉහළින් වැඩ කරන්න බැහැ. කමිටුවට අගවිනිසුරුවරියට විරුද්ධව තීරණ ගන්න පුලුවන් එයා දෙන නඩු තීන්දු වැරදි නම් විතරයි. (නි)

:       0       0

පංසිලු Friday, 21 December 2012 07:04 PM

යම්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ජනතාවගේ අයිතිවාසිකම්වලට හානිදායක තීන්දුවක් ගෙන ඇත්නම් ඒවා සමාලෝචනය කිරීමට අභියාචනාධිකරණයට ව්‍යවස්ථාව මගින් බලය ලබාදී ඇත.(නු)

:       0       0

සදුනි Saturday, 22 December 2012 02:31 PM

අන්න ඒක හොද තීන්දුවක් (දී)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 04:00 AM

ප්‍රසන්න, අධිකරණයේ සිටින්නේ මෝඩයින් නොවන බව ඔබ පළමුව තේරුම් ගතයුතුයි. (නි)

:       0       0

මුනා Sunday, 23 December 2012 04:03 AM

මේ පාර කට්ටියම ගෙන්නලා අහන්න යන්න (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 21 December 2012 10:13 PM

ලංකාවේ ව්‍යවස්ථාව අනුව නීතියට ඉහළින් සිටීමේ අයිතිය පවරාගෙත් කට්ටිය එසේ කළේ මොන සංශෝධනයෙන්ද කියලා දන්නා කෙනෙක් පෙන්වාදෙන ලෙස ඉල්ලමි. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ජනමතය එහි නියෝජනය වෙනවා යන අරුතිනි. (නි)

:       0       0

අජිත්කරුණාරත්න Saturday, 22 December 2012 04:36 PM

නිමල්, පන්සිල, ඉන්ද්‍රජිත් ඔබගේ අදහස් බුද්ධියෙන් පොහොසත්.. මේවා බලන්නේ ටික දෙනයිනේ..!(නු)

:       0       0

සකු Saturday, 22 December 2012 04:05 AM

"රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ." (දී)

:       0       0

චාන්දී Saturday, 22 December 2012 04:55 PM

හොද වැඩක් (දී)

:       0       0

චාන්දී Saturday, 22 December 2012 05:04 PM

ඉක්මනට මේක ඉවරයක් කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site