කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනුයේ හුදෙක් නීතීමය අවශ්‍යතාවක් මත යැයි ද, අනෙක් පාර්ශ්වයට ද ඇහුම්කන් දීමේ ඉඩ කඩ සලසා දීමේ නීතිමය සංකල්පය අනුව යැයි ද අභියාචනාධිකරණ විනිසුරුවරු ප්‍රකාශ කළහ. ඔවුන් එසේ ප්‍රකාශ කළේ කතානායක මීට කළින් කළ එවැනි තීරණයක් උපුටා දක්වමිනි. ඒ තීරණයේ දැක්වෙනුයේ තමාට හා තේරීම් කාරක සභා කමිටු සාමාජිකයනට උසාවියෙන් නිකුත් කළ නොතීසි වලංගු නොවන බවයි. එයින් කිසිම නීතිමය ප්‍රතිවිපාකයකට තමා හෝ කමිටුව ලක් නොවන බවයි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම විභාග කර අවසන් වන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවත් පියවරක් නොගනු ඇතැයි ද, පෙත්සම්කාරියගේ අයිතිවාසිකම්වලට හානියක් නොකරන ලෙස අදාල බලධරයන් උපදෙස් දිය යුතු යැයි ද, එම තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් එයින් අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට හැකියැයි ද ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ පෙත්සම ජනවාරි 3 වැනි දිනට කල් දමමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය. තමා වැරදිකාරිය කරමින් දෝෂාභියෝගය කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුව අහෝසි කරන ලෙස සර්ෂියොරාරි ආඥාවක් හා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය මේ පෙත්සමෙන් ඉල්ලා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 විධි විධාන යටතේ එසේ කරන ලෙස ද ඇය ඉල්ලා සිටී.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කනවා වගේ වැඩක්නේ (ස)
දැං කලින් සැරයක් කිව්වා නේ කථානායකට නොතීසි නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැහැ කියලා.. (නු)
යමු, යමු. (නු)
තවම ඉවර නැහැ නේද (දී)
ලොව සිටින ඕනෑම මිනිසෙක් නීතියට අවනත විය යුතුයි. එසේ නොවන්නේ නම් එම රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳ වැටී මුළු සමාජයම වියවුල් මෙන්ම විස්වසනීයත්වය ද පළුදු වේ. එහෙත් නීතිය පසිඳලීම හෝ තීන්දු තීරණ පිළිබඳ මතබේද තිබිය හැකිය. ඩයිසිගේ නිර්වචන අනුව සමාන වූවනට නීතිය සමානව යෙදිය යුතුය. (නු)
උත්තරීතර වන්නේ ව්‍යවස්ථාවයි. පාර්ලිමේන්තුවේ කමිටුවකට, ව්‍යවස්ථාවට ඉහළින් වැඩ කරන්න බැහැ. කමිටුවට අගවිනිසුරුවරියට විරුද්ධව තීරණ ගන්න පුලුවන් එයා දෙන නඩු තීන්දු වැරදි නම් විතරයි. (නි)
යම්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ජනතාවගේ අයිතිවාසිකම්වලට හානිදායක තීන්දුවක් ගෙන ඇත්නම් ඒවා සමාලෝචනය කිරීමට අභියාචනාධිකරණයට ව්‍යවස්ථාව මගින් බලය ලබාදී ඇත.(නු)
අන්න ඒක හොද තීන්දුවක් (දී)
ප්‍රසන්න, අධිකරණයේ සිටින්නේ මෝඩයින් නොවන බව ඔබ පළමුව තේරුම් ගතයුතුයි. (නි)
මේ පාර කට්ටියම ගෙන්නලා අහන්න යන්න (දී)
ලංකාවේ ව්‍යවස්ථාව අනුව නීතියට ඉහළින් සිටීමේ අයිතිය පවරාගෙත් කට්ටිය එසේ කළේ මොන සංශෝධනයෙන්ද කියලා දන්නා කෙනෙක් පෙන්වාදෙන ලෙස ඉල්ලමි. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ජනමතය එහි නියෝජනය වෙනවා යන අරුතිනි. (නි)
නිමල්, පන්සිල, ඉන්ද්‍රජිත් ඔබගේ අදහස් බුද්ධියෙන් පොහොසත්.. මේවා බලන්නේ ටික දෙනයිනේ..!(නු)
"රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ." (දී)
හොද වැඩක් (දී)
ඉක්මනට මේක ඉවරයක් කරන්න (දී)