ලෝක වොලිබෝල් සම්මේලනය මෙහෙයවූ වොලිබෝල් කී‍්‍රඩා ඡායාරූප ප‍්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය.
එම ඡායාරූපයෙන් නිරූපනය වූ හාලිඇල මුගුණුමත මහ විදුහලේ සිසුවියක් වන නෙත්මිණි ශාඛ්‍යා ඇගයීමට ලක් කිරීම සඳහා ඉකුත්දා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා හා සුභ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා එම විදුහලේ සංචාරයක නිරත විය. එම අවස්ථාවට එම විදුහලේ සිසු සිසුවියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා අවට පාසල් ගණනාවක සිසු සිසුවියන්ද සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ ඇමැති ඩිලාන් පෙරේරා මහතා නෙත්මිණි ශාඛ්‍යා සිසුවිය නිරූපනය වන එම ඡායාරූපය විශ්ව කීර්තියට පත්වීම තුළ ශ්‍රී ලංකාවටද ඉමහත් කීර්තියක් අත්වී ඇතැයි පැවැසීය.
හාලිඇලදී පැවැත්වූ ”වොලි ඕල් ෆෙස්ටිවල්” නමැති කනිෂ්ඨ වොලිබෝල් පුහුණු වැඩමුළුවේ දර්ශනයක් උක්ත සම්මානලාභි ඡායාරූපයට පාත‍්‍ර විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි සිට අපි ඔබ සැමට සුබ පතමු.
අපේ සුභ පැතුම්!
ඇමැතිතුමනි ඇගයීමකට ලක් කරනවා වගේම දරුවාගේ අනාගතයට, ඉගෙනීමට මුදලක් දරුවාගේ නමිත් තැන්පත් කිරීමට කටයුතු යොදන්නේ නම් ගොඩාක් හොදයි
ලස්සනයි මගේ පුතේ. අපිට ඔබ ආඩම්බරයක් පුතේ
ඒ ඡායාරූපය බලන්න අපිත් ආසයි.