ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මතුවෙමින් පවත්නා කරණය ගැන කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායක චමල් රාජපක්ෂ මහතා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට තීරණය කරයි. එහි විධායක සභාව ලබන බදාදා විශේෂ රැස්වීමක් පවත්වා කතානායක සමග සාකච්ඡාවේ ප්‍රතිඵලය ගැන සාකච්ඡා කර ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන තීරණයක් ගන්නා බව ද, සංගමයේ මහා සභා රැස්වීමක් ලබන 10වැනිදා පැවැත්වීමට තීරණය වූ බව ද එහි සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් නීතීඥ සංජය ගමගේ නීවේදනයක් නිකුත් කරමින් කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් කාගෙ කාගෙත් උවමනාවට වෙන දේවල්. (ස)
රටේ නීතිඥවරු බොහොමයක් දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි. ඒ උදවිය නීතිඥවරු විදියට තම රාජකාරිය කරන ගමන් දේශපාලනයේ කටයුතු කරනකොට කොහොමද මේ අය ස්වාධීන වෙන්නේ? වෙනත් රාජකාරි කරන උදවියත් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ බව ඇත්ත. නමුත් නීතිඥ තනතුර ස්වාධීන වීමට නම් ඔවුන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී සිටිය යුතුයි. එවිට ඔවුන්ට තම රාජකාරිය ස්වාධීන ලෙස කළ හැක. නමුත් නීතිඥ තනතුර දේශපාලකයකු වීමට ලංකාවේ ඇති ලොකුම සුදුසුකම නිසා හැම දේශපලකයකුම නීතිඥයකු වීමට බලන කල අපේ රටේ නීතිය කිසිදා ස්වාධීන වේ යයි කිව හැකිද?කනස්සල්ලට පත්වීම හැර ඔවුනටද කළ හැක්කක් නැත. (නි)
අපිටත් කනගාටුයි මහත්තයෝ
නීතීඥ සංගමය මොකද මෙච්චරම සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරන්නේ? මේ ගොල්ලත් දෙබිඩි පිළිවෙතක් ගෙනියනවද? අධිකරණය මෙච්චර අවාසනාවන්ත තත්වයකට වැටෙමින් යද්දී මෙහෙමද වැඩ කරන්නේ? (නි)
ජනතාව තුනෙන් දෙකක් දුන්නේ නෑත. (නි)
දැන් වැඩක් නැහැ
මෙතන ඔයිට වඩා දේවල් තියෙනවා (ස)
ලලිත්. අනෙකුත් බහුතර ලාංකිකයන්ට මෙන් ඔබටත් මේගැන අවබෝදයක් නෙතිබව පේනවා. අදිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියල ටිකක් හොයල බලන්න. නීතිඥවරු ස්වාධීන වෙමක් ගැන ඔබ කතකරනවා. කිසිම තේරුමක් නැති කතාවක්. (ස)
ජනතාව 3/2 දුන්නේ නෑ. නමුත් 77 6/5 ක් දුන්න. ඒ හොඳටම ඇති (ස)
රටකට ගිය කල
බොරු වැඩ නොකර, පලක් ඇති දේ කරන්න. (නි)
මෙයාව අයින් කරන්න ඕනෑ 13ත් එක්ක. දිවිනැගුමට පලාත් සභා වලින් අවසර ගන්න කියපු එක වැරදි තීරණයක් කියලා මට හිතෙන්නේ. රටේ අනාගතය ගැන හිතලා තීරණ ගන්න ඕනෑ.
මම නමි කියන්ෙන් පත්කරන හැම අගවිනිසුරැවරෙයක්ම විධායකයට සහ විවස්ථාධායකයට යට ෙනාවී අදිකරණයේ ස්වාධීනත්වය රකිනවනමි විවස්ථාධායකයට වෙන්නේ හැමදාම ෙදා්සාභිෙයා්ග ෙග්න්න ඊට පස්ෙස් ජනතාව කරයි කරනෙද් ඔය නටන අයට බිවු කිරි මතක් ෙවන්න හිතං ඉන්ෙන් ඔින ෙදයක් කරද්දි මිනිස්සු වැදෙගන ඉදියි කියල මතක තියාගන්න චන්දදායකයින්ෙගන් 50% ක් තවම බලන් ඉන්නව කිසිම පැත්තකට චන්දය ෙනාදී ඒයාලා නැගිටිෙටාත් 3/2 ෙනෙමයි 3/1 නැතිෙවයි දුප්ලතා ෙවනුෙවන් ෙපනී සිටින අධිකරණයට අත ෙනාතබන ෙමන් ඉල්ලමි
මේ විදියට තව ටික කලක් ගියොත් නඩු ඇසීමත්, දඩුවම් දීමත් යන දෙකම දේශපාලඥයින් විසින්ම කරයි. (නි)
රටේ නීතිය හෑල්ලුවට ලක්වෙනවා තමයි. ඒත් ඉතිං කළකම් පළදෙනවාලුනේ. (නි)
මට පේන්නෙ මේ සිද්ධිය“ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපනව වගෙයි“ (ස)
යොහාන් ඔබේ කටේ මසුරන් දාන්න ඕනි (ස)
අයියෝ සල්ලි
තම තමන්ගේ වාසියට තමා ගොඩක් අය අත්සන් කරලා තියෙන්නේ..... රටකට ගිය කලක්. (ස)
අයියෝ සල්ලි
අපේ රටේ දැන් නීතියක් තියනවාද? (ත)
අපි මේ ගෙවන්නේ තුනෙන් දෙකක් දීමේ පව. (ත)
නීතිය යනු විශේෂයෙන් අප රටේ නීතිය දෙපැත්ත කැපෙන මුවහත්වූ කඩුවකට සමාන කළ හැකියි. මෙය හසුරුවන අයගේ තරාතිරම අනුව කොයි පැත්තවුනත් කැපෙන්න ඉඩ තිබෙනවා......
චමත්, කවුද ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නේ? මේක බිලී බාලා හදපු තුනෙන් දෙකක්. ලංකාවේ නිල්, කොල, රතු කන්නඩිවලින් බලන අය ඉන්නකම් මේ රට ගොඩ එන්නේ නෑ. (ත)
ඕක කරලා නම් හරි යන්නේ නෑ. නීතිය අතට ගන්න කාටවත් ඉඩ දෙන්න එපා. (ත)
නීතියක් යුක්තියක් තියෙන රටක්. හරිම අපූරුයි. (නි)
ජනතාව තුනෙන් දෙකක් දීමෙන්, තමන්ගේ ජීවිත අනතුරේ දාගෙන ඇත. (ත)
ලංකාවේ උසාවිවල රස්තියාදු වෙන ජනයා කොපමණ කනස්සල්ලට පත් වෙනවාද? කොහොම වුණත් අගවිනිසුරුවරියට විරුද්ධව දේශපාලන බලය යොදා ගැනීම වැරදී. (ත)
ඔහොම යං... ඔයාලාගේ වාරෙත් ළගම එනවා.
චමත්, අපි මේ ගෙවන්නේ 2/3ක් දීපු පින නෙමෙයි. 77දී 5/6ක් දීපු පව. (නි)
"කනස්සල්ලෙන්" ම ඉවරකරයි වගේ. (ත)
මොනවා කොරන්නද දැන්
අපේ ජනතාවට දැන් තේරෙනවාද? විධායක බලතල දීපු එකේ වැරැද්ධ. (ත)
චමත් ඔබ හරයටම හරි. (ත)
රටක ශක්තිමත් විපක්ෂයක් නැති වුනාම ඔහොම තමයි. (ත)
ඔසාම් සලාම් , කඩුවේ උල් පැත්තනම් ටිකක් භයානකයි (ස)
නීතියේ ආදිපත්‍ය විනාශ වීම රටකට බොහොම බයානක දෙයක්. නීතියේ ආදිපත්‍ය විනාශ වුණා කියන්නේ රටක් ඉවර වුණා වගේ තමයි.
නිතිය රකින ඉහළම අයට මෙහෙම වෙද්දි අපට කාගේ සරණක්ද? (නි)
නිතිඥ සංගමයට පුලුවන් වෙන්න එපැයි මේවට විරුද්ධ වෙන්න. (නි)