ශ්රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික නීති සඟරාවේ 2012 නව පිටපත එළි දැක්වීමේ උළෙල අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධනත්තයෙන් කොළඹ අලුත්කඩේ පිහිටි නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද (7) සවස පැවැත්විණි. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඟරාවේ මුල් පිටපත අග විනිසුරුවරිය වෙත පිරිනැමීය. වසර විසි හතරක් තිස්සේ එම සඟරාව වෙනුවෙන් සිදු කළ කැපවීම වෙනුවෙන් සඟරාවේ කතෘ මණ්ඩල සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කන්දයියා නීලකන්දන් මහතාට ද විශේෂ සමරු තිළිණයක් අගවිනිසුරුවරයි විසින් පිරි නැමිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, කේ. කනග් ඊෂ්වරන් ඇතුළු නීතිඥවරු රැසක්ද, මහේස්ත්‍රාත්වරු කීප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට ජය වේවා ...! (ස)
නියමයි .....
මෙතුමිය දේශපාලනයට ආවා නම් හොද අනාගතයක් තියෙයි. (නි)
අර අහිංසක මිනිස්සු නොකා නොබී ඉතුරු කරගත්තු සල්ලි ටික බේරල දීල හිටියනම් හොඳයි නේද ඔක්කොටම ඉස්සෙල්ල.(ස)
සුදුසු කෙනාට දීම වැදගත් (දී)
වැරදි වැඩ කරන්නේ කවුරුවත්, බැණුම් අහන්නේ කවුරුවත්. (නි)
මෙයාට නම් හොද ප්‍රසිද්ධියක් ලැබුනා නේ...මෙයාව විභාග කරන්න එම කමුටුවේ කිසිදු සුදුසු පුද්ගලයෙක් නෑ...කියමනක් තයෙනවා නේ..වැරදිකරුවන්ව විභාග කරන්න තවත් වැරදිකරුවකුට බෑනේ....මේක කියමනක් පමණයි...... (නු)
කෙදිනක හෝ සත්‍ය ජය ගනී (ස)
සන්තොසයි
ලෝකය රඟමඩලකි, අපි එහා නළුවෝ වෙමු (ස)
කෙදිනක හෝ සත්‍ය ජය ගනී (ස)
දන්නෝ දනිති (ස)
බැංකු ගිණුම් සම්බන්දව පැහැදිලි කිරීමක් ලැබුණ නම් මෙරට සෑම පුරවැසියෙකුම ඔබ වෙනුවෙන් සටන් කරණු ඇත.(ස)
සුභපැතුම්
ඔය පොතේවත් තියෙනවද දන්නෙ නැහැ අගවිනිසුරුවරුන්ට එරෙහිව දෝෂාභියෝග ගේන්න බැහැ කියලා. (නි)
කවුරුත් දන්නවද හරියටම හරි මොකක්ද කියලා? (නි)
හොද වැඩක්
ජයවේවා, සිරිතක්ද ර (දී)
සන්තොසයින් ඇත්තටම (දී)
ඔබ බොහොම ආඩම්බර කාන්තාවක් ශ්‍රී ලංකාවට .දිර්ඝායුෂ පතමි. (ස)
වැදගත් උත්සවයක් (දී)
මට දුක අපේ රටට යන කලදසාව ගැන (ස)
කාලෙකට පස්සේ (දී)
මැඩම්, ඔබ වටා සිටින්නන්ගෙන් ප්‍රවේශම් වන්න. (නි)
ඔන්න ළමයෝ අහගෙන ඉන්න (දී)
තවත් නායිකාවක් බිහි වේවිද ? (ස)
ඊලඟ කොටස තවත් රසවත් (ස)
ඔබ නිවැරෙදියි! මේ පරිස්සමට අඩිය තියන්න ඕනෑකරන වෙලාවක්. යුක්තිය සාධාරනත්වය ඉටුවේවායි පතමි බුදු සරණයි (ස)
ජීව ඒක හැබෑව ඒක හැබෑව. (නි)
නිවැරදිනම් බයවෙන්න දෙයක් නෑ (ස)
මේ පොතේ ලියැවිලා තියෙන නීති හරියටම ක්‍රියාත්මක කරන රටක් අපිට කවදා දකින්න ලැබේද? (නි)
නීතියට අනුව වැඩකරන්න මැඩම්. (නි)
දියත පතල සුවදැති සොඳ සඳුන් කඳ -සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ.... දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවවූ යනබස සැබෑ කෙරුමට .... (නි)
මැතිණියනි, ඔබට ජය! (නි)
ඔබගේ එඩිතරභාවයට අපි ගරු කරනවා. (නි)
බංකු තොරතුරු ඇයි ප්‍රසිද්ධ නොකරන්නේ (ස)
ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)
මෙතරම් විශාල ප්‍රමාණයක් විදේශ මුදල් ලැබුණු ආකාරය ගැන අපිට දැනගන්න ආසයි. (දී)
මෙතරම් විශාල ප්‍රමාණයක් විදේශ මුදල් ලැබුණු ආකාරය ගැන අපිට දැනගන්න ආසයි. (නි)
පිරිණු කළේ දිය නොසැලේ (ස)
අර අහිංසක මිනිස්සු නොකා නොබී ඉතුරු කරගත්තු සල්ලි ටික බේරලා දීලා හිටියා නම් හොඳයි නේද ඔක්කොටම ඉස්සෙල්ලා. (නි)
වැදගත් තැනක මුල් තැන (ස)
ශ්රී ලංකා යකඩ ගැහැණිය ,ජය වේවා (ස)
චිරන් ජයතු මහරජාණනි (ස)