රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2011 අනුව විශ්‍රාමික නිලධාරීන් නැවත සේවයේ යෙදවිය නොහැකි වුවත් මේ වන විට නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා විශ්‍රමික නිලධාරීන් සේවයේ යොදවා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. මෙසේ නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන කාර්යාලයවල අධ්‍යක්ෂ තනතුරුවල විශ්‍රාමික නිලධාරීන් යොදවා ඇත්තේ මහජන මුදල් විශාල ලෙස වැය කරමින් කිහිප අවස්ථාවකදීම එම තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීම් පළකොට අයඳුම්පත් කැඳවා තිබියදී බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. නැගෙනහිර පළාතේ සක්‍රීය සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිටියදී දේශපාලන හා විවිධ අවශ්‍යතා වෙනුවෙන් මේ ආකාරයට විශ්‍රාමික නිලධාරීන් සේවයේ යෙදවීම නතර කොට නැගෙනහිර පළාතේ පුරප්පාඩු පවතින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා විධිමත්ව නිලධාරීන් පත් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලන බව ද ස්ටාලින් මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවක් දෙන්නම ඕනෑ. (නි)
මෙහෙම වෙනකොට උපාධිධාරීන්ට රැකියා කොහෙන්ද? (නි)
රට කරන ඇත්තන්ගේ වාසියට වෙන්න ඕන. (ත)
මොන තරම් රක්‍ෂා ප‍්‍රශ්නයෙන් පෙළෙන රටක්ද අපේ රට, මේ නිදිකිරණ වයසක කට්ටිය දාගෙන තුන් හතර දෙනෙකුගේ වැටුප ගෙවාගෙන මොන නාඩගමක්ද මේ නටන්නෙ... තරුණ ජවය බලය පුදුමාකාර ලෙස අපතේ යාමක්. (ත)
නීති කඩා යළි සේවයට, ඉතින් හොදයිනේ. ලංකාවේ පනත්වලත් ඒවා ලියවිලා තියනවානේ.
ඕක තමයි කියන්නේ නීතියක් නැහැ කියලා (දී)
ලංකාවේ කඩන්න නීතියක් තියෙනවද? (ත)