
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නඩු ගොඩ ගැසීමේ පීඩාවෙන් ජනතාව මුදා ගත යුතුව තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පසුගිය වසර දෙකේදී අප පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම වැඩ කර තිබෙනවා.නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.ගොඩ ගැසී තිබෙන නඩු කඩිනමින් විභාග කර ජනතාවට සහනයක් දෙන බව එහි පැහැදිලිව කියනවා.දෙවෙනි කාරණය වන්නේ අපරාධ යුක්ති ක්‍රියාවලියේ තිබෙන ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීමයි.අපරාධ යුක්ති ක්රමයේ තිබෙන ආයතන ශක්තිමත් කිරීම ජන වරමේම කොටසක්.22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවා ගෙනෙන්නේ ඒ වෙනුවෙන්.ආයතන ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අප ආරම්භ කර තිබෙනවා.අප බලයට පත්වන විට මේවා තිබුනේ සතුටුදායක මට්ටමින් නොවේ.කලින් ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්. අප ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්නේ මේ රටේ මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවසේ කාලගුණය දිහා බලන්න, මහ අදුරකින් රට වැහිල. කාලකන්නි රාජ්‍යයක් වීමේ පෙරනිමිති