ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි මංසන්ධියක රථ වාහන හසුරුවණ පොලිස් නිළධාරියෙකි. සැමගේ අවධානය ඔහු වෙතය.ඒ ඔහු රථ වාහන හසුරුවන ආකාරය සාම්ප්‍රදායික පොලිස් නිලධාරියා හා සම නොවන හෙයිනි.
‘ඩිස්කෝ හා සල්සා‘ නැටුම් මහපාරේ නොමිලයේ රඟදක්වමින් උඩ පනිමින්, ගැස්සෙමින්, පැද්දෙමින්, ඇඹරෙමින්, දිගහැරෙමින් ඔහු රථ වාහන හසුරුවන ආකාරය බලන් ඉන්නට අපූරුය. නටන රිද්මයට අනුවම ඔහු සිය පොලිස් නළාවද හඩවයි.
ටෝනි ලෙපෝර් (35) නම් මේ පොලිස් නිළධාරියා මුළු ඇමරිකාවේම ප්‍රචලිත චරිතයකි. ඒ රෝඩ් අයිලන්ඩ්හි
ඔහුගේ ‘රාජකාරි රංගනය‘ නිසාමය. තම ප්‍රධානීන් පපාරේ යන එන අවස්ථාවලදී ඔහු වහා ‘ඩිස්කෝ‘ හා ‘සල්සා‘ අතහැරියේය. අන්තිමේදී මහජනයා ඔහුගේ ක්‍රමය අගය කළහ. ඒ නිසාම රාජකාරියේ ඔහුට ප්‍රශ්න ඇති නොවීය.
වියට්නාම් යුද විරුවකු වන ටෝනි ඇමරිකාවට පැමිණි පසු පොලිස් සේවයට එක්වන්නේය. අනතුරුව කැපී පෙනෙන පොලිස් භටයෙකු ලෙස සිය මෙහෙවර ඉටුකරන ටෝනිව ඉහළ නිළධාරීන් විසින් රථ වාහන අංශයට අනුයුත්ත කරනු ලැබ ඇත.මෙය කිසිසේත් ටෝනිගේ සිත් ගත් රාජකාරියක් නොවුනි.පාර මැද සිටගෙන රථ වාහන හැසිරවීම ඔහුට මහත් කම්මැලි හා නීරස දෙයක් විය.නිවසේදී රූපවාහිනිය නරඹමින් සිටින අතරතුරදී විකාශනය වූ හාසේයා්ත්පාදක වැඩසටහනක් දුටු ඔහුට නව අදහසක් පහළ විය. ඒ සිය රාජකාරිය ‘නවීකරණය‘ කිරීමයි.
මේ ‘නවීකරණ‘ රථ වාහන රියැදුරන් මෙන්ම පදිකයන්ද ආදරයෙන් වැළදගත් නිසා ටෝනිට සිය බළධාරීන්ගෙන්ද බාධා එල්ල නොවීය. 1984 වර්ෂයේ සිට රාජකාරි කර ටෝනි විශ්‍රාම ගියද රෝඩ් අයිලන්ඩ් වැසියන්ගේ දැඩි ඉල්ලීම නිසාම ටෝනි නැවත සේවයේ පිහිටුවීමට රෝඩ් අයිලන්ඩ්හි නගරාධිපති කටයුතු කළේය.
ටෝනි සිය රාජකාරියට අමතරව මාර්ග නීති පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද ඇමරිකාව පුරා පවත්වයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් එකතැන හිටගෙන ඉන්නවට වැඩිය ඒක හොද ව්‍යායාමයක්. (නි)
මෙන්න නිමය වැඩ.!(නු)
නියමයි..!(නු)
නියම පොලිස් (දී)
කවුරුත් බන්නේ නැතුව ඇති (දී)
ඒ රටවල්වල අය මහජනයාත් සමග සුහදශීලිව තමයි නිතරම කටයුතු කරන්නේ මෙය ඒයට කදිම නිදසුනක්. (ස)
හැබැයි ලංකාවේ ඔහොම නටනටා රාජකාරිය කරන්න ගියොත් එහෙම වාහනවල යන සමහර හොරුත් නටනටා හිමින් මාරුවෙයි. (නි)
බහුතරයකට රාජකාරිය කරන තැන තමයි වදකාගාරය මේ වගේ රැකියාවෙන් වින්දනයක් ලබන අය හොයා ගන්න හරිම අමාරුයි..කොහොම උනත් මේක කාට කාටත් හොද පාඩමක්.. කරන වැඩේ සතුටින් කරන්න.. මොහුට බොහොම ස්තුතියි..!(නු)
එහේ ඉන්නේ රාළහාමිලා වුණාට අපේ නම් වැඩිපුර ඉන්නේ රිළාහාමිලා. (නි)
පණු ගායක් හැදිලා වගේ මටනම් පේන්නේ (ස)
මහජනතාවට තමන්ගේ බලය අනිසි විදියට පෙන්නන්න යන අපේ පුහු පොලිස් නිලධාරීන්ට මොහු වැදගත් ආදර්ශයකි. (නි)
මරු පොලිස් මහත්මයෙක් (ස)
මම හිතන්නේ ඕක කරන්න පුළුවන් දවසකට විනාඩි 10-15 වගේ තමයි (ස)
35 උනාට හොඳ වැඩකාරයෙක් වගෙයි (ස)
ලංකාවේ නම් යටකරගෙන යයි. (නි)
ගැන්ගම් ස්ටයිල් ද ?? (ස)
ලංකාවේ පොලීසියටත් මේවා පෙන්නුවොත් හොඳයි නේද ? (ස)
වයස තිස් පහයි. 1984 සිට රුකියාව කරයි..?(නු)
ඔහොම කිවුවට කවුද දන්නෙ එයාට අසනීපයක්වද්ද කියලා? (නි)
නීතිගරුකයි නම් කොයි නැටුමත් හොඳයි (ස)
ලංකාවෙ කළොත් කියයි එයාට පිස්සු කියලා. (නි)
අපේ අයත් දැන් ඔහොම ඩාන්ස් දාන්න ගනීවිද දන්නෙ නැහැ. (නි)
ඒ වුණාට 35කට වැඩිය වයස පෙනෙනවා. (නි)
රම්‍යාට සිංහල තේරෙන්නේ නැහැ .මට මේක දැකලා ක්‍රිකට් අම්පයර් මහත්තයෙක්ව මතක් වුණා. (නි)
ලංකාවෙත් දැන් මෙහෙම කරයිද දන්නෙ නැහැ. (නි)
සෙල්ලම ලෙල්ලම වුණොත් තමයි (ස)
මෙයාට වයස තිස් පහද?(නු)
මෙයාගේ නැටුම දිහා බලන් ඉන්න ගිහින් අනතුරු වැඩිවෙයි කියලයි මට හිතෙන්නේ (ස)
84 ඉදලා රාජකාරි කලාලු.. ඒ කියන්නේ අවුරුදු විසි අටයි.. එතකොට එයා රස්සාව පටන් අරගෙන තියෙන්නේ අවුරුදු 7දිද? ඒවයසෙ ඉදලා පටන් ගත්ත නැත්නම් ඉතිං මෙහෙම වැඩ කරන්න බැහැ තමයි..!(නු)
වයස වරද්දගෙන වගේ (ස)
මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි (ස)
මේවත් වැඩද ? අපේ අය කරන වැඩ එක්ක බලද්දි (ස)
අපූරුයි. 1984 දි මෙයාට අවුරුදු කීයද ?? (ස)
අපේ අයත් ඔය වගේ කරනවා, හැබැයි ඒ ටිකක් බිව්වහම. (නි)
මේ වගේ රථවාහන හසුරවන නිලධාරීන් රටවල් කිහිපයක ඉන්නවා.. කිසිම කරදරයක් නැතිව රාජකාරිය හරියට කරනවා.. ලංකාවෙත් ඒ වගේ කළොත් හොද ආකර්ශණයක් තියේවි..!(නු)
කොහොමද සුද්දගේ මොලේ (ස)