IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දළඳා පෙරහරේ කප් සිටුවීම කුජදා

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ  කප්රුක් පෙරහර මාවනැල්ල අලුත්නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයේ සිට මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා වැඩවීම අඟහරුවාදා (2) අලුයම සිදුකිරීමට නියමිතය.

වසර සියයකට පමණ පසු පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් මෙවර එය සිදුකරන බව මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත මහතා පැවැසීය.

එම චාරිත්‍රය සදහා සියලු වගකීම් දරන්නේ සතර කෝරලයේ උරුමය සහිත මහා විෂ්ණු දේවාලයයි.එහිදී වඩා සැලකිය යුතු වැඩ කොටසක් අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලයෙන් ඉටු කරයි.

මහනුවර ඇසළ පෙරහැර සදහා කප් සිටුවනු ලබන්නේ පළමු වන කුඹල් පෙරහැරට දින පහකට පෙරදීය.තෙරුවන්ගේ සරණ මෙන්ම දෙවියන්ගේ අවසරය හා පිහිටද පතා මෙම සිටවනු ලබන මෙම සංකේතාත්මක “ කප “ දෙවියන්ගේ පිහිට හා දෙවියන්ගේ ආකර්ශනය බලාපොරොත්තුවෙන් සිටුවිම විශේෂත්වයකි.

“ කප “ යනුවෙන් හැදින්වෙන්නේ පළනොදැරු කොස් පැලයකි (කිරි ගසකි).  අඩි 6 ක පමණ දිගින් යුත් මෙම දණ්ඩ හෙවත්  “ කප “ තෝරාගත් මොහොතේ සිට අතිශය පූජනීය වස්තුවක් ලෙස සැලකේ.

“කප “ කොටස් 4 කට කපා නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාජකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් ඒවා ගෙන ගොස් අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර පෙරහර අවසානයේ ගැටඹේ දිය කපනා තොටේදි  දියේ පා කර හරියි.

 



අදහස් (0)

දළඳා පෙරහරේ කප් සිටුවීම කුජදා

නානයක්කාර Tuesday, 02 August 2016 10:53 AM

නුවර පාරට මේ දවස්වල වෙච්චේ වස් දොස් යන්න හොද වැඩක් (ම)

:       0       0

මුදිත Tuesday, 02 August 2016 01:23 AM

මෙවන් ආරංචි ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 594 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site